IIHS ආයතනය Surrey විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයකට එළැඹේ !

Share post:

වසර 23කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට මෙන්ම දකුණු ආසියානු කළාපයේම සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවයක් කරමින් එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වර්ගීකරණයේ 07 වැනි ස්ථානයේ ඇති Surrey විශ්ව විද්‍යාලය සමඟ එක් වේ.

මේ හරහා හෙද සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙන්ම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන තරුණ ප්‍රජාවට ගෝලීය වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගත හැකිය. මෙම ගිවිසුම යටතේ IIHS ආයතනය සහ Surrey විශ්ව විද්‍යාලය එක් වී අධ්‍යාපන අවස්ථා රැසක් හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලාංකික මෙන්ම කළාපීය සිසුන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් සපුරා ගැනීමට උපකාර වන හෙද අධ්‍යාපන වැඩසටහන්ද ඊට ඇතුළත් වේ. අධ්‍යාපන පාඨමාලාවලින් කොටසක් IIHS ආයතනයේ හදාරා අවසාන වසර සඳහා Surrey විශ්ව විද්‍යාලය වෙත යොමු වීමට සිසුන්ට අවස්ථාව ඇත. ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙන් මෙරට සහ එක්සත් රාජධානියේ විෂය නිර්දේශ ඒකාබද්ධ කරමින් අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර තිබේ.

IIHS ආයතනය රජයේ හෙද නිලධාරීන් 3,500ක් පමණ පුහුණු කිරීමට දායක වී ඇති අතර තවත් සිසුන් 2,000කට වැඩි පිරිසකට අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සපයා ඇත.

“ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට ලොව පිළිගත් සෞඛ්‍ය සේවා අධ්‍යාපන පහසුකම් සැපැයීම සඳහා වන අපගේ දැක්මේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම හඳුන්වන්නට පුළුවන්. අප ඉදිරියටත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අනාගතය යහපත් කිරීමට කැප වෙනවා.” IIHS ප්‍රධාන විධායක නිලධාරී සහ උපාධි අධ්‍යයන පීඨාධිපති විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය. Surrey විශ්ව විද්‍යාලයේ සම පීඨාධිපති (ජාත්‍යන්තර) ආචාර්ය ශෙලිනි සුරේන්ද්‍රන් පැවසුවේ ශ්‍රී ලංකාව මේ වන විටත් කළාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වී ඇති බවයි. “මෙම හවුල්කාරිත්වය තුළින් ආසියානු කළාපය පුරා සිටින සිසුන්ට IIHS ආයතනය සමඟ සම්බන්ධ වෙලා එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්නට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ ප්‍රවේශය එකට යා කරමින් සිසුන්ට ඔවුන්ගේ වෘත්තීමය ඉලක්ක සපුරා ගන්න අප පැහැදිලි මාවතක් නිර්මාණය කර දී තිබෙනවා.” විදේශ සිසුන් ආකර්ෂණය කර ගැනීම, අධ්‍යාපන සහ ආර්ථික ක්ෂේත්‍ර වර්ධනය කිරීම, ගෝලීය හෙද හිඟය අවම කිරීම, ශ්‍රී ලාංකික අධ්‍යාපන විශිෂ්ටත්වය ඉහළ නැංවීම වැනි වාසි රැසක් මෙමගින් ලැබෙනු ඇත.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...