මහින්ද මහත්තයට හැම පන්සලකම ගෙයක්, කුටියක් හදලා තිබුණා – කතරගම දේවාලයේ බස්නායක නිලමේ සීඅයිඩිය ඉදිරිපිටදී කියයි !

Share post:

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලයේදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි.

අද (10) බස්නායක නිලමේවරයාගෙන් පැය 03ක කාලයක් මේ පිළිබඳව ප්‍රශ්න කර තිබිණි. මේ පිළිබඳව අදහස් දක්වමින් බස්නායක නිලමේවරයා සඳහන් කළේ ඊයේ (09) තම නිවස ද සිවිල් ඇඳුමෙන් සැරසුණු පිරිසක් පරීක්ෂා කළ බවයි.

‘කිරිවෙහෙරේ සෝරත හාමුදුරුවො මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන්, ජනාධිපති කාලයේ හදපු ගෙයක් තියෙනවා කතරගම. ඒ ගෙදර පිළිබඳව විස්තර දැනගන්න තමයි මට එන්න කිව්වෙ. මට චෝදනාවක් නෑ. ඒ කියන්නෙ ඒ ගෙදර ගැන හරි විස්තරේ දන්නෙ මම. මොකද ඒ ගෙදර හදපු කෙනා දැන් අසනීපෙන්. සෝරත හාමුදුරුවොත් දැන් අපවත් වෙලා. ඒක මහින්ද මහත්තයට නෙමෙයි අයිති. සෝරත හාමුදුරුවෝ තමයි වියදම් කළේ, හැදුවෙ විමලරත්න කියලා මහත්තයෙක්. ඒ කාලෙ යුද්දෙ දිනපු කාලෙ මහින්ද මහත්තයට හැම පන්සලකම වගේ ඔය වගේ ගෙයක්. කුටියක් හදලා තිබුණා.’

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නායක නිලමේවරයා එසේ ද පැවසීය.

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...