මහින්ද මහත්තයට හැම පන්සලකම ගෙයක්, කුටියක් හදලා තිබුණා – කතරගම දේවාලයේ බස්නායක නිලමේ සීඅයිඩිය ඉදිරිපිටදී කියයි !

Share post:

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලයේදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි.

අද (10) බස්නායක නිලමේවරයාගෙන් පැය 03ක කාලයක් මේ පිළිබඳව ප්‍රශ්න කර තිබිණි. මේ පිළිබඳව අදහස් දක්වමින් බස්නායක නිලමේවරයා සඳහන් කළේ ඊයේ (09) තම නිවස ද සිවිල් ඇඳුමෙන් සැරසුණු පිරිසක් පරීක්ෂා කළ බවයි.

‘කිරිවෙහෙරේ සෝරත හාමුදුරුවො මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන්, ජනාධිපති කාලයේ හදපු ගෙයක් තියෙනවා කතරගම. ඒ ගෙදර පිළිබඳව විස්තර දැනගන්න තමයි මට එන්න කිව්වෙ. මට චෝදනාවක් නෑ. ඒ කියන්නෙ ඒ ගෙදර ගැන හරි විස්තරේ දන්නෙ මම. මොකද ඒ ගෙදර හදපු කෙනා දැන් අසනීපෙන්. සෝරත හාමුදුරුවොත් දැන් අපවත් වෙලා. ඒක මහින්ද මහත්තයට නෙමෙයි අයිති. සෝරත හාමුදුරුවෝ තමයි වියදම් කළේ, හැදුවෙ විමලරත්න කියලා මහත්තයෙක්. ඒ කාලෙ යුද්දෙ දිනපු කාලෙ මහින්ද මහත්තයට හැම පන්සලකම වගේ ඔය වගේ ගෙයක්. කුටියක් හදලා තිබුණා.’

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නායක නිලමේවරයා එසේ ද පැවසීය.

Related articles

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇපගන්න නීතිපති සූදානමින් : පොලිසිය විරුද්ධ වෙයි – උසාවියේ සිදු වූ සම්පූර්ණ සිදුවීම මෙන්න !

වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින්, ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් පවරා ඇති...

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...