Bally’s Colombo වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස Global Icon සම්මාන දිනයි !

Share post:

Global Icon 2025 සම්මාන උළෙලේදී Bally’s Casino Colombo ශ්‍රී ලංකාවේ වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල ජනවාරි 31 BMICHහීදී පැවැත්විණි.

ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, උප සභාපති (අන්තර්ජාතික අලෙවිකරණ) ජොනී පෙරේරා, නියෝජ්‍ය කළමනාකරු (උත්සව අවස්ථා හා ඩිජිටල් අලෙවිකරණ) කසුන් ගුණවර්ධන සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ රැසක් ඊට සහභාගී වූහ. ඉන්දියාවේ කීර්තිමත් අලෙවිකරණ සමාගමක් වන ප්‍රයිම් ටයිම් රීසර්ච් මීඩියා සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී විනෝදාස්වාද, අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන සමාගම් ඇගැයීමට ලක් විය.

1995දී ඇරැඹුණු Bally’s Colombo කෙටි කාලයකින් මෙරට රාත්‍රී සමාජ ශාලා සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් විය. ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ආයතනයක් වන එයට ලොව පුරා රටවලින් අමුත්තෝ පැමිණෙති. අංක 34, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි එය ආසන්නයේ තරු පහේ හෝටල්, ඉහළ පෙළේ අවන්හල්, සුපිරි වෙළෙඳ සංකීර්ණ රැසක් පිහිටා තිබේ.

“Bally’s Casino, it’s all about you, our guest.” තේමාව යටතේ එම ආයතනය සෑම විටම අමුත්තන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාව සපයයි. ශ්‍රී ලාංකික සමාගමක් වන Bally’s Colombo 1,200කට ආසන්න පිරිසකට රැකියා සපයමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරයි. බොලිවුඩ් තරු නිරන්තරයෙන් එහි පැමිණ විවිධ සන්දර්ශන පවත්වන අතර අමුත්තන්ට විනෝදාස්වාදය සැපැයීමට එම ආයතනය සතුව දක්ෂ නර්තන, ගායන සහ සංගීත ශිල්පීහු සිටිති. අමුත්තන්ට අමතක නොවන අත්දැකීමක් සැපැයීමට කැප වී සිටින Bally’s Colombo පසුගියදා ඉතා වැදගත් පුද්ගලයන් (VIP) සඳහා වෙන් වූ නවතම ස්ථානය Paiza නමින් විවෘත කළේය. එහි පැමිණෙන අමුත්තන්ට ව්‍යාපාර පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර, ගුවන් තොටුපොළේ සිට නවාතැන් ගන්නා හෝටලය දක්වා සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම්, කොළඹ තරු පන්තියේ හෝටලයක සියලු පහසුකම් සහිත නවාතැන් ඇතුළු පහසුකම් රැසක් අත්විඳිය හැකිය.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...