මං 20 එනවා – මං ගියේ මගේ වියදමෙන් : නි.ඇමැති සුගත් මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වයි !

Share post:

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න විසින් තමා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට පළ වන ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සුගත් තිලකරත්න පැහැදිලි කර ඇත්තේ, තමා දැනට පෞද්ගලික සංචාරයක යෙදී සිටින බවත්, එම ගමන සඳහා තම පෞද්ගලික මුදලින් වියදම් දරා ඇති බවත්ය.

පෙබරවාරි 20 වැනි දින තමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහු තවදුරටත් පවසයි.

සුගත් තිලකරත්න සහ ඔහුගේ පවුලේ අය ස්ථිරවම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බව දිවයින පුවත්පත වාර්තා කිරීමෙන් පසුව ඔහුගේ මෙම ප්‍රතිචාරය පළවිය.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...