SITC කැම්පස් නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි !

Share post:

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් SITC කැම්පස් (sitc.lk) නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් හා විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් විශිෂ්ට ආචාර්ය මණ්ඩලයක් දේශන මෙහෙයවයි. දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සාධාරණ මිලකට සපයන කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස SITC කැම්පස් හැඳින්විය හැකිය.

Psychology and Counseling, Diploma in Information Technology, Human Resource Management, Business Management, Cyber Security and Ethical Hacking, Sociology & Research Methodology ඩිප්ලෝමා පාඨමාලා ජනවාරි 26 වැනි දින ඇරැඹෙන අතර එම දිනට පසුව වුවද ඉතා කෙටි කාලයක් තුළ පාඨමාලා සඳහා ඇතුළත් විය හැකිය.

පාඨමාලා අවසානයේ UGC පිළිගත් විශ්ව විද්‍යාලයකින් පිරිනමන සහතික පත්‍ර සිසුන්ට හිමි වේ. ඩිප්ලෝමාවෙන් පසු UGC පිළිගත් උපාධියක් හැදෑරීමට සුදුසුකම් හිමි වන අතර උපාධියේ පළමු සෙමෙස්ටරය නිදහස් වේ. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් ශ්‍රී ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලය අනුමත කර දෙන, විදේශගත වීමේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සත්‍ය පිටපත් සහතික කර දෙන Gatehouse UK මගින් Dual Qualification සහතිකයක්ද ගත හැකිය. Zoom හරහා ඉගැන්වීම් සිදු කරන මෙම පාඨමාලාවල Zoom රෙකෝඩින් පසු දිනම Youtube හරහා සපයන බැවින් දේශන සදහා පහසුවෙන් සහභාගී විය හැකි අතර කැමති වාර ගණනක් රෙකෝඩින් නැරැඹීමට හැකිය. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කළ සිසුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, කළමනාකරුවන්ට, ව්‍යවසායකයන්ට, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකිය.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...