SLIIT විශ්වවිද්‍යාල විසින් පවත්වනු ලබන Open Day 2025 හරහා ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් සඳහා අනාගත සිසුන්ට දොරටු විවර කරනු ලබයි !

Share post:

SLIIT Open Day 2025 වැඩසටහන් මාලාව මාලඹේ SLIIT Campus මෙන්ම කොළඹ SLIIT Metro Campus, මහනුවර SLIIT Kandy Uni ඇතුළු මාතර හා කුරුණෑගල මධ්‍යස්ථාන සහ යාපනයේ SLIIT Northern Uni පරිශ්‍රයේදී 2025 ජනවාරි මස 18 වන දින උදෑසන 9.30 සිට ආරම්භවේ.

SLIIT Open Day හරහා මෙවර අ.පො.ස උ/පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනිකඅපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා මූලික අඩිතාලම සකසා දෙමින් සිසුන්ට සැබෑ විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳව අධ්‍යනයක යෙදීමටත්, අධ්‍යාපනඥයින් සමගින් සම්බන්ධ වී SLIIT විසින් පිරිනමනු ලබන විවිධ පාඨමාලා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමටත් අවකාශ සැලසේ.

සිසුන්ගේ අනාගත අපේක්ෂාවන් සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති SLIIT Open Day වැඩසටහන් හරහා ප්‍රායෝගික ක්‍රියාකාරකම්, විශේෂඥ උපදේශන සහ සාකච්ඡා තුළින් ඔවුන්ට අධ්‍යාපනික අවබෝධයක් සහිත අත්දැකීමක් ලබා දේ. මේ සඳහා සහභාගීවනු ලබන සිසුන්ට SLIIT හි පරිවර්තනීය උපකාරක ඉගෙනුම් පරිසරය පිළිබඳව නව අත්දැකීමක් ලබා ගනිමින්, ඔවුන්ගේ අනාගත ගමන් මග හැඩගස්වා ගැනීම සඳහා නිර්මාණය කර ඇති අධ්‍යයන මාර්ග පිළිබඳව ගවේෂණය කිරීමට අවස්ථාව හිමිවනු ඇත. පෙර සඳහන් ආයතනික පරිශ්‍රවලදී Open Day සඳහා සහභාගීවන සිසුන්ට අති නවීන පහසුකම් සියසින් දැක බලාගෙන නවමු අත්දැකීම් ලබාගැනීමට වගේම පීඨවල දක්ෂතාවයන් දැක්වූ ආදි සිසුන් සමගින් සම්බන්ධ වෙමින් පෞද්ගලිකව වෘත්තීය උපදේශන සේවා ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

SLIIT විසින් පරිගණක (Computing), ව්‍යාපාර (Business), ඉංජිනේරු (Engineering), ගෘහ නිර්මාණ ශිල්පය (Architecture), අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පය (Interior Design), ශාස්ත්‍රවේදය (Education), විද්‍යාව (Sciences), ප්‍රමාණ සමීක්ෂණ (Quantity Surveying), හෙද (Nursing), ජෛව තාක්‍ෂණය (Biotechnology), විලාසිතා ව්‍යාපාර අධ්‍යයනය (Fashion Business), නීති වේදය (Law), මූල්‍ය ගණිතය (Financial Mathematics), මනෝවිද්‍යාව (Psychology) සහ ආගන්තුක සත්කාර (Hospitality) ඇතුළු පුළුල් පරාසයක විහිදී ගිය අධ්‍යයන පාඨමාලා 75කට අධික සංඛ්‍යාවක් පිරිනමනු ලබයි.

වේගවත් තාක්‍ෂණික දියුණුව හමුවේ සිසුන් අති නවීන දැනුමෙන් සහ හැකියාවන්ගෙන් බලගන්වමින් ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT වර්තමානය වන විට කෘතීම බුද්ධිය පිළිබඳව විශේෂ (AI specialisation) නව උපාධි පාඨමාලාවක් හඳුන්වාදී තිබේ. එමෙන් ම නීතිවේදය – LLB (Hons), මනෝවිද්‍යා – Psychology (Hons) සහ ඉංග්‍රීසි අධ්‍යයන – BA (Hons) in English Studies යන ගෞරව උපාධි පාඨමාලාවන් ද SLIIT වෙතින් අලුතින් පිරිනැමීමට අවස්ථා උදාකර දී ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලැබූ පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT ආයතනය, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වෙමින් ජාතික මෙන් ම ජාත්‍යන්තර වශයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇත. වර්තමානය වන විට 25,000 කට වැඩි ශිෂ්‍ය ප්‍රජාවකගේ සහ 40,000 කට වැඩි ආදි ශිෂ්‍ය පිරිසකගේ ජාලයකින් සමන්විත SLIIT ආයතනයට අඛණ්ඩව දේශීය හා ගෝලීය වශයෙන් හිමි වන පිළිගැනීම අති මහත්ය.

SLIIT ආයතනය පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ (Association of Commonwealth Universities – ACU) සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ (International Association of Universities – IAU) ද සාමාජිකත්වය දරයි. එමෙන්ම SLIIT ආයතනය, Times Higher Education World University Rankings 2025 හි, ශ්‍රී ලංකාවේ අංක 01 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙසත්, ජාතික මට්ටමින් 03 වන ස්ථානයටත් එක්ව ඇති අතර AD Scientific Index World Young University / Institution Rankings 2025 හි ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල අතරින් පළමු ස්ථානයටත් ශ්‍රේණිගත වී ඇත.

SLIIT Open Day 2025 හිදී අසමසම අධ්‍යාපන අවස්ථාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අනාගත සිසුන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට SLIIT ආයතනය ආරාධනා කරයි. මේ පිළිබඳව වැඩිදුර විස්තර 011 754 4801 අංකය ඔස්සේ හෝ [email protected] විද්‍යුත් තැපෑල හරහා SLIIT ආයතනය සම්බන්ධ කර ගැනීමෙන් ලබා ගත හැකිය. SLIIT Open Day 2025 සමගින් එක්වන සිසුන්ට තම සැබෑ හැකියාවන් හා දක්ෂතාවයන් හඳුනාගෙන එය වැඩිදියුණු කර ගැනීම සඳහා අවස්ථාව සලසා ගනිමින්, දීප්තිමත් අනාගතයක් සඳහා දොරටු විවර කර ගැනීමට අවකාශය සැලසේ.

Related articles

CBL සමපෝෂ, අඛණ්ඩව 13 වැනි වරටත් අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි !

CBL සමපෝෂ, අඛණ්ඩව 13වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා...

සංගිද්ධ කවිතාව සහ සංගත සංරචනය: “මා තුළම වැඩුණේද අන් යමෙකු”

චින්තක සමන් හේරත්ගේ -මා තුළම වැඩුණේද අන් යමෙකු- කවි පොත කිසියම් න්‍යායික රාමුවක හෝ දැලක අළලා මේ සටහන...

‘ඇතුළු වියමන්’ නූතන විචාරවාදයන් පාඨකයා වෙත යොමුකරන ආලෝක සංඥාවක්

සිංහල කවියට හිමි දීර්ඝ ඉතිහාසය පිරික්සීමේදී දෘශ්‍යමාන ලකුණක් වන්නේ නිර්මාණ කරණයත් න්‍යායික හා විචාර සිද්ධාන්තත් අතර වූ අන්‍යොන්‍ය...

සාක්ෂි වසන් කළ සැකකරුවන් හරහා ඝාතකයන් ළඟට යන පාර ඇහිරූ ගෝඨාභය රාජපක්ෂ මෙහෙයුම : ලසන්ත වික්‍රමතුංග !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ 2009 ජනවාරි 08දා ය. එම ඝාතනය පිළිබඳ යුක්තිය නොමැතිව වසර 16ක් ගත වේ. සැකකරුවන්...