2025 මුල් මාස 4ට ආණ්ඩුවෙන් හදපු අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදල් බිමල්ගේ අමාත්‍යංශයට !

Share post:

2025 මුල් මාස 4 සඳහා රජයේ අතුරු සම්මත ගිණුමෙන් පෙන්නුම් කරන්නේ, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය ණය සේවාකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වියදම් වැනි රාජ්‍ය කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල් බිලියන 1,402කට ආසන්න මුදලක් වෙන්කර ඇති බවයි.

2025 පළමු මාස 4 සඳහා වන රජයේ අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීම අද (05) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා වැඩිම ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම මුදල රු. බිලියන 220.06 කි.

2025 සඳහා වූ රජයේ අතුරු සම්මත ගිණුමේ ප්‍රතිපාදන පහත දැක්වේ.

– ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය – රු. බිලියන 220.06 කි

– මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය – රු. බිලියන 186.02 කි

– රාජ්‍ය පරිපාලන, පළාත් සහ ප්‍රාදේශීය සභා අමාත්‍යාංශය – රු. බිලියන 170.47 කි

– සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය – රු. බිලියන 161.99 කි

– ආරක්ෂක අමාත්‍යාංශය – රු. බිලියන 142.95 කි

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය – රු. බිලියන 92 කි

– කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් සහ ඉඩම් අමාත්‍යාංශය – රු. බිලියන 67.36 කි

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...