2025 මුල් මාස 4ට ආණ්ඩුවෙන් හදපු අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදල් බිමල්ගේ අමාත්‍යංශයට !

Share post:

2025 මුල් මාස 4 සඳහා රජයේ අතුරු සම්මත ගිණුමෙන් පෙන්නුම් කරන්නේ, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය ණය සේවාකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වියදම් වැනි රාජ්‍ය කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල් බිලියන 1,402කට ආසන්න මුදලක් වෙන්කර ඇති බවයි.

2025 පළමු මාස 4 සඳහා වන රජයේ අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීම අද (05) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා වැඩිම ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම මුදල රු. බිලියන 220.06 කි.

2025 සඳහා වූ රජයේ අතුරු සම්මත ගිණුමේ ප්‍රතිපාදන පහත දැක්වේ.

– ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය – රු. බිලියන 220.06 කි

– මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය – රු. බිලියන 186.02 කි

– රාජ්‍ය පරිපාලන, පළාත් සහ ප්‍රාදේශීය සභා අමාත්‍යාංශය – රු. බිලියන 170.47 කි

– සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය – රු. බිලියන 161.99 කි

– ආරක්ෂක අමාත්‍යාංශය – රු. බිලියන 142.95 කි

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය – රු. බිලියන 92 කි

– කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් සහ ඉඩම් අමාත්‍යාංශය – රු. බිලියන 67.36 කි

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...