ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බලගන්වන IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ !

Share post:

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 600කට පමණ පසුගියදා සහතික පත්‍ර පිරිනමන ලදී. මෙවර උපාධි ලැබූ සිසු පිරිසද සමඟ IIHS ආයතනය බිහි කළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සංඛ්‍යාව 5,000කට අධික වේ.

පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා රට පුරා ඇති ඉල්ලුම සැපිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරන IIHS ආයතනයෙන් මෙවර උපාධි ලැබූ පිරිස අතරට රජයේ හෙද නිලධාරීහු 400කට වැඩි පිරිසක්ද ඇතුළත් වූහ. එම ආයතනයෙන් අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කළ 500කට වැඩි පිරිසක් මේ වන විට විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වෙති.

දකුණු ආසියානු කළාපය සඳහා වන Coventry University අධ්‍යයන මධ්‍යස්ථානය වන්නේද IIHS ආයතනයයි. එම විශ්ව විද්‍යාලය පිරිනමන උපාධි සම්පූර්ණ කළ 200කට වැඩි පිරිසකටද සහතික පත්‍ර පිරිනැමිණි. ශාස්ත්‍රීය දැනුමෙන් පරිපූර්ණ, ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ප්‍රමිතිවලට අනුගත වන වෘත්තිකයන් බිහි කිරීම අරමුණු කර ගත් IIHS ආයතනය පිරිනමන අධ්‍යාපන පාඨමාලා සියල්ල ප්‍රමිතියෙන් ඉහළය. Coventry University වැඩසටහන් හරහා සපයන විශේෂ පුහුණුව කාර්යක්ෂම සහ කරුණාවන්ත හෙද වෘත්තිකයන් බිහි කිරීමට හේතු වේ.

මෙරට හෙද ක්ෂේත්‍රයට අදාළ ශාස්ත්‍රපති උපාධි සම්පූර්ණ කළ වැඩිම පිරිසට අදාළ සහතික පත්‍ර ප්‍රදානයද මෙහිදී සිදු විය. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කළ එම සිසුන් IIHS ආයතනයේ දැක්ම අනුව යමින් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට දායක වනු ඇත.

මහාචාර්ය අසිත ද සිල්වා උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් බින් ට්‍යුමින්, සම මහාචාර්ය ග්ලෙන්ඩා වයිටින්, ඇනා-කයිසා පාටනන්, ලිලී රිස්ටෙවිටා සහ ජාර්මෝ පාම් ඇතුළු ජාත්‍යන්තරය නියෝජනය කරන ආරාධිතයෝ විශාල පිරිසක්ද ඊට සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගිත්වය තුළින් IIHS ආයතනය ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන සමඟ ඇති කර ගෙන ඇති ශක්තිමත් සම්බන්ධතා පිළිබිඹු වේ. IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය ගෝලීය සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිශානතිය වෙනස් කිරීමට ඔවුන් සතු කැපවීම යළි තහවුරු කිරීමකි.

16 වැනි උපාධි ප්‍රදානෝත්සවය පිළිබඳව IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසුවේය.

“IIHS ආයතනයේ හෙද අධ්‍යාපනය ලබන සිසුන්ට High-Fidelity Simulation Labs සහ XR Hub වැනි නවීන පහසුකම් සමඟ පොතපතට පමණක් සීමා නොවූ ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් ලබන්න හැකියාව තිබෙනවා. වෘත්තීය විද්‍යාවේදී උපාධි පිරිනැමීම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අර්ථවත් වෙනසක් සිදු කළ හැකි වෘත්තිකයන් පිරිසක් ගොඩ නගන්න හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් බවට පත් වන ඔබ සියලු දෙනාට අප හදවතින්ම සුබ පතනවා.”

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...