IPL ක්‍රීඩක වෙන්දේසියේ සටනකින් පසු එෂාන් මාලිංගට සුපිරි මිලක්

Share post:

IPL ක්‍රීඩක වෙන්දේසියේ මට අනුව සුපිරි මිලට ගැනීම එෂාන් මාලිංග.
එයට මා ශ්‍රී ලාංකිකයෙකු වීමත් හේතු වන්නට ඇති.
නමුත් ශ්‍රී ලාංකිකයෙකු වීම නිසා ඇති හැඟීම ඉවත් කළත් මේ මිලට ගැනීම රැඩිකල් තීරණයක්.
පැහැදිලිවම එෂාන් මාලිංග ශ්‍රී ලංකා දෙවන තලයේ සිටිනා සුපිරිතම වේග පන්දු යවන්නා.
ඔහු ජාතික කණ්ඩායමට එතරම් දුරින් සිටින ක්‍රීඩකයෙක් නොවෙයි.
ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව, වේගය සහ පතිත කරවීමේ නිර්වද්‍යතාවය බොහෝ ඉහළයි.
එය අප බොහෝ පළමු පෙල තරග වලදී දැක තිබෙනවා.
එෂාන් මාලිංග IPL වෙන්දේසියේ අලෙවි වීමට හේතුව වූ මෑතක පැවැති නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානයේදීත් අප ඔහුගේ දක්ෂතා දුටුවා.
නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඔහු සතු විභවය හඳුනා ගත්තා දැයි සැක සහිතයි.
දෙවන පෙල වේග පන්දු යවන්නන් අතර ඇතැම් වේග පන්දු යවන්නන්ට එෂාන් ට වඩා අවස්ථාවන් හිමිවුණා. ඇතැම් “ඒ” සහ “නැගී එන” කණ්ඩායම් හි නායකයන් පවා තමන් සතු හොඳම වේග පන්දු යවන්නා එෂාන් බවට විශ්වාස නොකරනු දැකගත හැකි වුණ.
නමුත් ක්‍රීඩකයන් පිළිබඳව විශිෂ්ට කියවීමක් සහිත IPL තරගාවලියේ විශ්ලේෂකයන්ට වැරදීමට ඇති ඉඩ බොහෝ අඩුයි.
මතීෂ පතිරණ හඳුනාගත්තේ ද ඔවුන්. චෙන්නායි කණ්ඩායම විසින් මතීෂ මිලට නොගන්නට, ඔහු තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කරාවිදැයි සැකසහිතයි.
එසේ නොවන්නට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු තවත් එක් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවනා, නිර්වද්‍යතාවය අවම, තරුණ කොලු ගැටයෙක් වීමට තිබුණා.
මතීෂ ගේ ඉරණම වෙනස් වූයේ IPL තරගාවලියේ අලෙවි වීමෙන්. එෂාන් මාලිංගටත් දැන් එම අවස්ථාව විවර වී තිබෙනවා.
එෂාන් අලෙවි වුණේ ඔහුගේ මූලික මිලට (Base price) නොවෙයි.
ඔහු උදෙසා වෙන්දේසියේ සටනක් පැවතියා.
අවසානයේ ඔහු හොඳ මිලක් වූ ඉන්දීය රුපියල් කෝටි 1.2 ක මිලට හයිද්‍රාබාද් කණ්ඩායමට අලෙවි වුණා.
මෙවර IPL වෙන්දේසියේ අලෙවි වූ එකම ජාතික වරම් නොලැබූ විදෙස් ක්‍රීඩකයා ද (Only uncapped international player) එෂාන් මාලිංගයි.
වෙනත් කිසිඳු විදෙස් නවක ක්‍රීඩකයෙකු හෝ වෙන්දේසියේ දී අලෙවි වූයේ නැහැ.
ඒ අනුව ඔහු තරගාවලියේ මවිත කිරීමේ මිලට ගැනීම (Surprise pick) බවට කිසිඳු සැකයක් නැහැ.
ඔහුට අමතරව වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර සහ කමිඳු මෙන්ඩිස් IPL වෙන්දේසියේ අලෙවි වුණා.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට IPL තරගාවලියේ එතරම් ඉල්ලුමක් නොපවතින පසුබිමක, මූලික මිලට හෝ කමිඳු අලෙවි වීමත් ඔහු මෑතක දැක්වූ දක්ෂතා පිළිබඳව ඉන්දියානුවන් උණන්දුවෙන් සිටි බවට උදාහරණයක්.

ඉරේෂාන් සිරිවර්ධන

 2024. 11. 26

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...