හිටපු සොලිසිටර් ජනරාල් අධිකරණ අමාත්‍යංශ ලේකම් ධුරයට : නීතිපති පුටුවෙන් රනිල් ඇයව හැලුවේ ඇයි ?

Share post:

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම් ධුරයට හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන පත්කර තිබේ.

වසර 30කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ ජිනසේන මහත්මිය, මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට නිර්දේශ කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පත්කිරීම් සම්බන්ධයෙන් නිකුත් කර තිබූ තහනම් නියෝගයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීය. ඉන්පසු ඇය විශ්‍රාම ගියාය.

සෘජු තීරණ ගන්නා නිලධාරිනියක ලෙස ප්‍රකට ඇය, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ලද ජනාධිපති කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළාය. එසේම වර්තමාන නීතිපති ධුරයට පත්කෙරුණු පාරින්ද රණසිංහට වඩා ඇය ජ්‍යෙෂ්ඨ වූ නිසා, එම ධුරයට ඇය ව පත්කරන ලෙස ද ඉල්ලීම් ලැබී තිබිණි.

එහෙත් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නීතිපති ධුරයට නිර්දේශ කර තිබුණේ පාරින්ද රණසිංහගේ නමයි. පාරින්ද රණසිංහ යනු 1988 – 1991 කාලයේදී හිටපු අග විනිසුරු පාරින්ද රණසිංහගේ පුත්‍රයෙකි.

31 වැනි නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා දරන ලද දෙවැනි උත්සාහයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ය, මෙසේ පාරින්ද රණසිංහ එම ධුරයට පත්කරන ලද්දේ.

Related articles

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇපගන්න නීතිපති සූදානමින් : පොලිසිය විරුද්ධ වෙයි – උසාවියේ සිදු වූ සම්පූර්ණ සිදුවීම මෙන්න !

වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින්, ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් පවරා ඇති...

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...