හිටපු සොලිසිටර් ජනරාල් අධිකරණ අමාත්‍යංශ ලේකම් ධුරයට : නීතිපති පුටුවෙන් රනිල් ඇයව හැලුවේ ඇයි ?

Share post:

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම් ධුරයට හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන පත්කර තිබේ.

වසර 30කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ ජිනසේන මහත්මිය, මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට නිර්දේශ කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පත්කිරීම් සම්බන්ධයෙන් නිකුත් කර තිබූ තහනම් නියෝගයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීය. ඉන්පසු ඇය විශ්‍රාම ගියාය.

සෘජු තීරණ ගන්නා නිලධාරිනියක ලෙස ප්‍රකට ඇය, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ලද ජනාධිපති කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළාය. එසේම වර්තමාන නීතිපති ධුරයට පත්කෙරුණු පාරින්ද රණසිංහට වඩා ඇය ජ්‍යෙෂ්ඨ වූ නිසා, එම ධුරයට ඇය ව පත්කරන ලෙස ද ඉල්ලීම් ලැබී තිබිණි.

එහෙත් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නීතිපති ධුරයට නිර්දේශ කර තිබුණේ පාරින්ද රණසිංහගේ නමයි. පාරින්ද රණසිංහ යනු 1988 – 1991 කාලයේදී හිටපු අග විනිසුරු පාරින්ද රණසිංහගේ පුත්‍රයෙකි.

31 වැනි නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා දරන ලද දෙවැනි උත්සාහයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ය, මෙසේ පාරින්ද රණසිංහ එම ධුරයට පත්කරන ලද්දේ.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...