ජේක් පෝල්(වයස 27) සහ මයික් ටයිසන්(වයස 58) අතර තරගය

Share post:

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගයෙන් 27 හැවිරිදි ජේල් පෝල් තරගය ජය ගත්තා.
ඒ විනිසුරු තීරණයෙන්.
එය බලාසිටීමට අපහසු වූ තරගයක්. ඒ බොක්ෂිං වලල්ලේ හිටියේ ලොව එතෙක් දැන සිටි, සුපුරුදු මයික් ටයිසන් නොවෙයි.
පැහැදිලිවම ජේක් පෝල් ඉදිරියේ අසරණ වූ වයෝවෘද්ධ මහල්ලෙක්.
එක්තරා අන්දමකින් තරගය පිටපතකට ක්‍රීඩා කෙරුණු එකක් ද විය හැකියි.
මන්ද මේ විනෝදාස්වාදය උදෙසා සංවිධානය කරන තරග බොහෝ විට ක්‍රීඩා කෙරෙන්නේ තිරපිටපතකට අනුවයි.
අනෙක් අතට බොක්ෂිං වැනි ක්‍රීඩාවක වයස විශාල බලපෑමක් සිදුකරන සාධකයක්.
වේගයට, පහරක ජවයට සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවට වයස විශාල ලෙස බලපානවා.
මයික් ටයිසන් සිය තරුණ කාලයේ මිලියන ගණනින් ඉපැයූවත්, මුදල් කළමණාකරනයක් නොතිබූ ක්‍රීඩකයෙක්.
ඔහු මේ ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නේ ආර්ථික අපහසුතා මැද බව අසත්‍යක් නොවෙයි.
එවැනි මොහොතක ඩොලර් මිලියන 20 ක් වැනි මුදලකට ඔහු සිය කීර්ති නාමය ලංසු තැබීම ද විය හැක්කක්.
තරගයට පෙර 58 හැවිරිදි මයික්, ජිමී කිමල් ගේ වැඩසටහනට පැමිණියා.
එහිදී ජිමී අපූරු කතාවක් කිව්වා.
මයික් ටයිසන් අපගේ වීරයෙක්. ඔහුගේ තරුණ කාලයේ ලොව බිහි වූ භයානකම බොක්ෂිං ක්‍රීඩකයා ඔහු.
එම නිසා සිය පරම්පරාවේ, “මැදි” වයසේ සිටිනා පිරිස් ඔහුගේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන බව ජිමී මයික් ට කිව්වා.
සැබැවින්ම මයික් එක් පරම්පරාවක වීරයෙක්. ඔහුගේ ජයග්‍රහණය ලොවක් බලාපොරොත්තු වුණා.
වයස අවුරුදු 20 දී හෙවිවේට් ලෝක ශූරයා වීම කිසිසේත්ම පහසු ක්‍රියාවක් නොවෙයි.
ඒ සඳහා ඔහු කොපමණ වේදනාවන් තුළින් ගමන් කළා දැයි දන්නේ ඔහු පමණයි.
එවන් පුරාවෘත්තයක් මෙවැනි එක් තරගයකින් විනිශ්චය විය යුතු නැහැ.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...