IIHS ආයතනයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුරට ජාත්‍යන්තරව පිළිගත් හෙද වෘත්තිකයන් වීමට අවස්ථාව !

Share post:

ආර්ථික හා සාමාජීය වර්ධනය ළඟා කර ගැනීම සඳහා නව මං මාවත් සොයමින් සිටින ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර පසු වන පසුබිමක රටේ තරුණ පරපුර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වේ.

විරැකියාව, දිළිඳු බව සහ නිපුණතා සංවර්ධනය සඳහා වන ප්‍රවේශය ප්‍රමාණවත් නොවීම වැනි අභියෝග රැසකට මුහුණ දෙන වටපිටාවක් තුළ වුවත් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තරුණ පරපුර බල ගැන්වීමේ හැකියාව සහිත අංශයක් ලෙස ඉදිරියට එමින් සිටී. විශේෂයෙන්ම හෙද සේවය ප්‍රවර්ධනය කිරීම තුළින් තරුණ විරැකියා අර්බුදයට සැළකිය යුතු විසඳුමක් දිය හැකිය. වැඩිහිටි ජනගහණය ඉහළ යාම සහ කොවිඩ්-19 වසංගත තත්ත්වය වැනි හේතු නිසා ගෝලීය වශයෙන් හෙද වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් තිබේ. බොහෝ රටවල වර්තමානයේදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ හිඟයක් පවතී. ඉහළ සාක්ෂරතා අගයකින් සහ නිපුණතාවලින් හෙබි තරුණ පරපුරක් සිටින රටක් වන ශ්‍රී ලංකාවට මෙම ගෝලීය ඉල්ලුම සැපිරීම සඳහා විශාල වශයෙන් දායක විය හැකිය.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හෙද අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දෙමින් දේශීය මෙන්ම විදේශීය රැකියාවලට යොමු වීම සඳහා සිසුන්ට මඟ විවර කරන ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපන ආයතන අතර IIHS ආයතනය ඉදිරියෙන්ම සිටී. ගෝලීය විශ්ව විද්‍යාල සහ සෞඛ්‍ය සේවා අධ්‍යාපන ආයතන සමඟ හවුල්කාරිත්ව ඇති කර ගෙන සිටින එම ආයතනය හෙද ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය සුදුසුකම් සහ පළමු උපාධි පිරිනැමීම තුළින් තරුණ පරපුර බල ගන්වයි. ඕනෑම සමාජ ආර්ථික පසුබිමක් නියෝජනය කරන තරුණ තරුණියන්ට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තිකයෙකු බවට පත් වීමට හැකි වන පරිදි එම වැඩසටහන් සැළසුම් කර ඇත. ඒවා නිපුණතාවලින් හෙබි ශ්‍රමිකයන් විදේශවල සේවයට යොමු කිරීම තුළින් දැනුම මූලික කර ගත් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා වන ජාතික ඉලක්කය සමඟ අනුරූප වේ.

නිපුණතා සංවර්ධන අරමුදල සහ විදේශ රැකියා නියුක්ති කාර්යංශය වැනි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් සමඟ කටයුතු කරන IIHS ආයතනය සිසුන්ට ණය පහසුකම් සහ දේශීය හා විදේශීය රැකියා අවස්ථා සඳහා අවශ්‍ය මඟ පෙන්වයි. ශක්තිමත් සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති පසුබිමක හෙද අධ්‍යාපනය තුළින් ග්‍රාමීය තරුණ ප්‍රජාව බල ගැන්වීම හරහා විරැකියාව වැනි ජාතික අභියෝගවලට විසඳුම් සැපයීමට හැකි වන අතර ගෝලීය වෙළෙඳපොළ සඳහා නිපුණතාවලින් හෙබි ශ්‍රමිකයන් සපයන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම ස්ථානගත කිරීමටත් එය උපකාර වනු ඇත. IIHS ආයතනය සමඟ එක් වී තමන්ට මෙන්ම රටටද වාසි ගෙන දෙන අනාගතයක හිමිකරුවන් වීමට තරුණ පරපුරට හැකියාව ලැබේ.

Related articles

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම...

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...