මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන හැටි පොලිස්පති අභ්‍යන්තර චක්‍රලේඛයකින් රට පුරා පොලිසිවලට කියයි !

Share post:

ඩිජිටල් මාධ්‍ය වෙත (සමාජ මාධ්‍ය ද ඇතුළුව) පුද්ගලයන්ට ප්‍රවේශවීමට සහ ඒවා භාවිත කිරීමට ඇති හැකියාව භාෂණය, ප්‍රකාශනය ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකමේ කොටසක් බවත්, එවැනි අයිතිවාසිකමක් සීමා කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි ව්‍යවස්ථාවේ සඳහන් සීමාකිරීම්වලට යටත්ව පමණක් බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් විශේෂ අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් සියලු‍‍ම පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ෆෙස්බුක්හි දැමූ සටහනක් නිසා රම්සි රසීක් නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ පොලිස් නිලධාරීන්ට මීට අදාළ උපදෙස් ලබා දෙන ලෙසයි. ඒ 2023 නොවැම්බර් 14 වැනිදා ය. කෙසේ වෙතත් හිටපු පොලිස්පතිවරයා එම නියෝගය ක්‍රියාත්මක කර තිබුණේ නැත.

ඒ අනුව එම තීන්දුව ක්‍රියාත්මක කරමින් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආර්.‌ටී.එම් 921 දරන අභ්‍යන්තර පොලිස්පති චක්‍රලේඛය පෙරේදා (30) නිකුත් කර තිබේ.

පිටු හතකින් සමන්විත එම චක්‍රලේඛය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 120, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32(1)(ආ), අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(1) සහ අයිසීසීපීආර් පනතේ අදාළ වගන්ති ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දී තිබේ.

චක්‍රලේඛයේ අවසානයේ සඳහන් කර ඇත්තේ මෙසේ .

‘පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම, තම අනුලංඝනීය මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට කැමති අනෙකුත් පුද්ගලයින් කෙරෙහි ද දැඩි බියක් දනවන තත්ත්වයක් ඇති කළ හැකිය. එබැවින්, එවැනි අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාමාර්ග මනා සුපරීක්ෂාකාරී බවකින්, ස්වාධීනත්වයකින්, අපක්ෂපාතීව, ඉතා ප්‍රවේශමෙන් සහ නීතියෙන් නියම කර ඇති පරිදි සිදු කළ යුතුය.’

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...