මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන හැටි පොලිස්පති අභ්‍යන්තර චක්‍රලේඛයකින් රට පුරා පොලිසිවලට කියයි !

Share post:

ඩිජිටල් මාධ්‍ය වෙත (සමාජ මාධ්‍ය ද ඇතුළුව) පුද්ගලයන්ට ප්‍රවේශවීමට සහ ඒවා භාවිත කිරීමට ඇති හැකියාව භාෂණය, ප්‍රකාශනය ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකමේ කොටසක් බවත්, එවැනි අයිතිවාසිකමක් සීමා කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි ව්‍යවස්ථාවේ සඳහන් සීමාකිරීම්වලට යටත්ව පමණක් බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් විශේෂ අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් සියලු‍‍ම පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ෆෙස්බුක්හි දැමූ සටහනක් නිසා රම්සි රසීක් නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ පොලිස් නිලධාරීන්ට මීට අදාළ උපදෙස් ලබා දෙන ලෙසයි. ඒ 2023 නොවැම්බර් 14 වැනිදා ය. කෙසේ වෙතත් හිටපු පොලිස්පතිවරයා එම නියෝගය ක්‍රියාත්මක කර තිබුණේ නැත.

ඒ අනුව එම තීන්දුව ක්‍රියාත්මක කරමින් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආර්.‌ටී.එම් 921 දරන අභ්‍යන්තර පොලිස්පති චක්‍රලේඛය පෙරේදා (30) නිකුත් කර තිබේ.

පිටු හතකින් සමන්විත එම චක්‍රලේඛය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 120, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32(1)(ආ), අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(1) සහ අයිසීසීපීආර් පනතේ අදාළ වගන්ති ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දී තිබේ.

චක්‍රලේඛයේ අවසානයේ සඳහන් කර ඇත්තේ මෙසේ .

‘පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම, තම අනුලංඝනීය මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට කැමති අනෙකුත් පුද්ගලයින් කෙරෙහි ද දැඩි බියක් දනවන තත්ත්වයක් ඇති කළ හැකිය. එබැවින්, එවැනි අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාමාර්ග මනා සුපරීක්ෂාකාරී බවකින්, ස්වාධීනත්වයකින්, අපක්ෂපාතීව, ඉතා ප්‍රවේශමෙන් සහ නීතියෙන් නියම කර ඇති පරිදි සිදු කළ යුතුය.’

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...