මැතිවරණ සහ පොලිස් කොමිෂන්වල අනුමැතියෙන් Director CRIMES ශානිට !

Share post:

පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

අද (10) පස්වරුවේ පැවැති එම කොමිෂන් සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගෙන තිබිණි. ඒ අනුව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 2024 ඔක්තෝබර් 10 වැනිදා සිට 2025 ඔක්තෝබර් 09 වැනිදා දක්වා කොන්ත්‍රාත් පදනම යටතේ අදාළ ධුරයේ කටයුතු කිරීමට නියමිත ය.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ පත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ද අනුමැතිය ලැබී ඇති බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සහ බරපතළ අපරාධ රැසක් පිළිබඳ විමර්ශන මෙහෙයවූ ශානි අබේසේකර විමර්ශන අත්දැකීම් බහුල පොලිස් නිලධාරියකු ලෙස ප්‍රකට ය.
2019 නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ව එවකට දැරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කොට ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ධුරයට පත්කරන ලදි. ඉන්පසු 2020 ජූලි 31 දින ඔහුව අත්අඩංගුවට ගැනුණු අතර, පසුව එම අත්අඩංගුවට ගැනීම අසත්‍ය චෝදනාවක් මත සිදුකරන ලද්දක් බව තහවුරු විය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...