මැතිවරණ සහ පොලිස් කොමිෂන්වල අනුමැතියෙන් Director CRIMES ශානිට !

Share post:

පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

අද (10) පස්වරුවේ පැවැති එම කොමිෂන් සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගෙන තිබිණි. ඒ අනුව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 2024 ඔක්තෝබර් 10 වැනිදා සිට 2025 ඔක්තෝබර් 09 වැනිදා දක්වා කොන්ත්‍රාත් පදනම යටතේ අදාළ ධුරයේ කටයුතු කිරීමට නියමිත ය.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ පත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ද අනුමැතිය ලැබී ඇති බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සහ බරපතළ අපරාධ රැසක් පිළිබඳ විමර්ශන මෙහෙයවූ ශානි අබේසේකර විමර්ශන අත්දැකීම් බහුල පොලිස් නිලධාරියකු ලෙස ප්‍රකට ය.
2019 නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ව එවකට දැරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කොට ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ධුරයට පත්කරන ලදි. ඉන්පසු 2020 ජූලි 31 දින ඔහුව අත්අඩංගුවට ගැනුණු අතර, පසුව එම අත්අඩංගුවට ගැනීම අසත්‍ය චෝදනාවක් මත සිදුකරන ලද්දක් බව තහවුරු විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...