සිර දඬුවම් නියම වූ හිටපු මහේස්ත්‍රාත් රට හැර ගිහින් – වහාම අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් !

Share post:

ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී. එස්. මෙරිංචිආරච්චි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කෙරිණි.

මෙම වරෙන්තුව ඊයේ (02) නිකුත් කරන ලද්දේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසිනි. ගාල්ල මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරමින් සිටින අතරතුර සිදුකරන ලද වරදකට අදාළ ව මෙරිංචිආරච්චිට දඬුවම් නියම කර තිබිණි. හිටපු මහේස්ත්‍රාත්ට වසර 5ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබුණේ පොදු දේපොළ පනත යටතේ ය.

වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම මගින් රජයට පාඩු සිදුකිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් මෙරිංචිආරච්චිට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණි. 2000 වසරේ අප්‍රේල් 04 – 05 දිනවලදී සුරාබදු ආඥා පනත යටතේ වන නඩු දෙකකට අදාළ ව අඩු තක්සේරු කිරීම සම්බන්ධයෙන් මෙරිංචිආරච්චිට එරෙහිව චෝදනා ගොනුකොට තිබිණි.

මෙහිදී අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ චූදිතයා රට හැර ගොස් ඇති බවටයි.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...