වසර 62ක් දේශපාලනය කළ අයෙකු ලෙස ෆවුසි කර තිබෙන්නේ බරපතළ වරදක් – කොළඹ මහාධිකරණ විනිසුරු

Share post:

වසර 62ක දේශපාලන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු මෙවැනි වැරදි සිදුකිරීම බරපතළ කරුණක් බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා මේ බව පැවසීය. 2010 වසරේදී ඒ.එච්.එම්. ෆවුසි ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී එම අමාත්‍යංශයට ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් නෙදර්ලන්තයෙන් හිමි වූ රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම සහ වාහනයේ නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් අමාත්‍යංශ මුදලින් වැයකිරීම යන චෝදනා නීතිපතිවරයා විසින් පවරා තිබිණි.

මේ චෝදනා සඳහා හිටපු ඇමැතිවරයා වරද පිළිගෙන තිබිණි. මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම, විත්තිකරු වයස අවුරුදු 86ක වයෝවෘද්ධ පුද්ගලයෙකු වීම යන කරුණු සැලකූ අධිකරණය, ඔහුට නියම කළ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර 10කට අත්හිටුවීමට කටයුතු කළේය.

Related articles

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...