වසර 62ක් දේශපාලනය කළ අයෙකු ලෙස ෆවුසි කර තිබෙන්නේ බරපතළ වරදක් – කොළඹ මහාධිකරණ විනිසුරු

Share post:

වසර 62ක දේශපාලන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු මෙවැනි වැරදි සිදුකිරීම බරපතළ කරුණක් බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා මේ බව පැවසීය. 2010 වසරේදී ඒ.එච්.එම්. ෆවුසි ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී එම අමාත්‍යංශයට ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් නෙදර්ලන්තයෙන් හිමි වූ රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම සහ වාහනයේ නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් අමාත්‍යංශ මුදලින් වැයකිරීම යන චෝදනා නීතිපතිවරයා විසින් පවරා තිබිණි.

මේ චෝදනා සඳහා හිටපු ඇමැතිවරයා වරද පිළිගෙන තිබිණි. මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම, විත්තිකරු වයස අවුරුදු 86ක වයෝවෘද්ධ පුද්ගලයෙකු වීම යන කරුණු සැලකූ අධිකරණය, ඔහුට නියම කළ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර 10කට අත්හිටුවීමට කටයුතු කළේය.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...