දේශබන්දු – ටිරාන්ට අභියෝග කළ SSPට මාරුවක් ඉල්ලයි : SSPටත් රැකවරණ රැසක් !

Share post:

කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ප්‍රදේශයකට මාරුකරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලිඛිත ව කළ දැනුම්දීමක් පොලිස්පතිවරයා නොතකා හැර තිබේ.

ඉහළ නිලධාරීන් ලබාදෙන නියෝග නොතකා හැරීම නිසා මෙසේ අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මාරුකරන ලෙස දේශබන්දු තෙන්නකෝන් ඉල්ලීමක් කර ඇත. එහෙත් පොලිස්පතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන්ගෙන් පෙරළා විමසා ඇත්තේ ඔහු විසින් නොතකා හරින ලද නියෝග මොනවාද යනුවෙනි. පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරයට දේශබන්දු තෙන්නකෝන් විසින් මෙතෙක් පිළිතුරක් ලබාදී නැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.

දේශබන්දු තෙන්නකෝන්ගේ මෙම ඉල්ලීම පොලිස්පතිවරයා විසින් ඔහු යටතේ ඇති විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කර ඇති බවත්, එමගින් මෙම නිලධාරියා පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙනු ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණද, එවැන්නක් මෙතෙක් සිදුව නැති බව ද අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මීට පෙරත් උත්සාහයක්

කෙසේ වෙතත් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙනත් පළාතකට මාරු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මීට පෙර ද එක් වරක් උත්සාහ කර තිබේ. එහෙත් පොලිස් කොමිසමේ ක්‍රියාකාරිත්වය මත එය අසාර්ථක වී ඇත.

SSPටත් හයියක්

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය සමග සමීප සම්බන්ධකම් පවත්වන්නෙකු වන බවයි. පොලිසිය බාර ඇමතිවරයාට අභියෝග කළ ද, ඔහු අදාළ ප්‍රදේශයේ ම රාජකාරි කිරීමට එය ද හේතුවක් වන්නට ඇතැයි පොලිසිය අභ්‍යන්තරයේ කතාබහක් පවතී.

සිදුවීම කුමක්ද?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන යනු පොලිසිය බාර ඇමති ටිරාන් අලස්ට පසුගිය දිනෙක ප්‍රසිද්ධියේ අභියෝග කළ පොලිස් නිලධාරියා ය.

පසුගිය නොවැම්බර් 15දා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී බස්නාහිර පළාත බාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. විෂය බාර ඇමති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී කොළඹ නගරයේ පවත්වන සියලු විරෝධතා විසුරුවා හරිය යුතු බවට නියෝගයක් ලබාදී ඇත. පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

අනෙකුත් නිලධාරීන් සියලුදෙනා නිහඬව සිටියදී, කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන පවසා ඇත්තේ නීත්‍යනුකුල ව සිදුකරන විරෝධතා විසුරුවා හරිය නොහැකි බවයි. එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ කොළඹ නගරයේ පවත්වන සියලු විරෝධතා විසුරුවා හැරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, එය අනිවාර්යයෙන් ඉටු කළ යුතු බවත් ය.

එසේ කරන්නේ කුමන නීති ප්‍රතිපාදන යටතේදැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ඇමතිවරයාගෙන් විමසීමත් සමග සංවාදය උණුසුම් වී තිබූ අතර, එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ මෙය ජනාධිපතිවරයාගේ තීරණයක් බවයි. ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද මෙහිදී අදාළ නිලධාරියා පවසා තිබේ.

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...