රජයේ රැකියා ප්‍රශ්නයෙන් බංග්ලාදේශය දිගටම ඇවිළෙයි – 32ක් මරුට !

Share post:

රජයේ රැකියා ලබාදීමේ ක්‍රමවේදයට එරෙහිව පැවති විරෝධතා පෙළපාලි හේතුවෙන් දින කිහිපයක සිට පවතින ප්‍රචණ්ඩ ගැටුම්වලින් පසුව රට සම්පූර්ණයෙන්ම වසාදැමීමට උත්සාහ කළ ශිෂ්‍ය විරෝධතාකරුවන් සහ බංග්ලාදේශයේ පොලිසිය අතර උග්‍ර ගැටුම් හටගෙන තිබේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
රට පුරා ප්‍රබල වාර්තාකරුවන් ජාලයක් සිටින ඩකා හි ප්‍රමුඛ පෙළේ ප්‍රොතොම් ඇලෝ පුවත්පත සඳහන් කරන්නේ සිකුරාදා වන විට එරට අගනුවර වන ඩකා සහ තවත් නගර කිහිපයක දරුණු ප්‍රචණ්ඩත්වයක් පවතින බවයි.

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව බංග්ලාදේශයේ දිනපතා පුවත්පත් පවසයි.

1971 පාකිස්තානයෙන් නිදහස් වීමේ යුද්ධයේදී සටන් කළ පුද්ගලයන්ගේ පවුල් සඳහා රජයේ රැකියාවලින් සියයට 30ක් වෙන්කිරීම නවත්වන ලෙස විරෝධතාකරුවෝ එරට ආණ්ඩුවට බලකරති. ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා රට පුරා දුරකතන ජාල අවහිර කිරීමට එරට අගමැති ෂීක් හසීනාගේ ආණ්ඩුව පියවර ගෙන ඇත. ඇතැම් ස්ථානවල සමාජ ජාලා ද අවහිර කර ඇති බවට පුවත් පළවේ.

Related articles

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...