රජයේ රැකියා ප්‍රශ්නයෙන් බංග්ලාදේශය දිගටම ඇවිළෙයි – 32ක් මරුට !

Share post:

රජයේ රැකියා ලබාදීමේ ක්‍රමවේදයට එරෙහිව පැවති විරෝධතා පෙළපාලි හේතුවෙන් දින කිහිපයක සිට පවතින ප්‍රචණ්ඩ ගැටුම්වලින් පසුව රට සම්පූර්ණයෙන්ම වසාදැමීමට උත්සාහ කළ ශිෂ්‍ය විරෝධතාකරුවන් සහ බංග්ලාදේශයේ පොලිසිය අතර උග්‍ර ගැටුම් හටගෙන තිබේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
රට පුරා ප්‍රබල වාර්තාකරුවන් ජාලයක් සිටින ඩකා හි ප්‍රමුඛ පෙළේ ප්‍රොතොම් ඇලෝ පුවත්පත සඳහන් කරන්නේ සිකුරාදා වන විට එරට අගනුවර වන ඩකා සහ තවත් නගර කිහිපයක දරුණු ප්‍රචණ්ඩත්වයක් පවතින බවයි.

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව බංග්ලාදේශයේ දිනපතා පුවත්පත් පවසයි.

1971 පාකිස්තානයෙන් නිදහස් වීමේ යුද්ධයේදී සටන් කළ පුද්ගලයන්ගේ පවුල් සඳහා රජයේ රැකියාවලින් සියයට 30ක් වෙන්කිරීම නවත්වන ලෙස විරෝධතාකරුවෝ එරට ආණ්ඩුවට බලකරති. ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා රට පුරා දුරකතන ජාල අවහිර කිරීමට එරට අගමැති ෂීක් හසීනාගේ ආණ්ඩුව පියවර ගෙන ඇත. ඇතැම් ස්ථානවල සමාජ ජාලා ද අවහිර කර ඇති බවට පුවත් පළවේ.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...