අසාර්ථක සංයුතියේ ප්‍රතිඵලය

Share post:

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් එක්දින ආකෘතියට යොදා ගන්නා පිතිකරුවන් හයක් සහ පන්දු යවන්නන් පස්දෙනෙකුගේ සංයුතිය අද ඉතා දරුණු අන්දමින් අසාර්ථක වුණා.

ඒ විතරක් නොවෙයි, අද තරගයේ කාසියේ වාසියේ සිටම ශ්‍රී ලංකාවට වැරදුණා කිව්වොත් හරි.
කාසියේ වාසිය ලබා ගැනීමෙන් පසු සලකා බැලීමට විකල්ප දෙකක් ශ්‍රී ලංකාව ඉදිරියේ තිබුණා.
මේ පිතිකරුවන්ට උචිත, ලකුණු තිබෙන තනතීරුවක්.

ලකුණු තිබෙන තනතීරුවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවාද, එසේ නොමැතිනම් පසුව පැමිණෙන පින්න මත යැපෙනවාද යන්න ශ්‍රී ලංකාව ඉදිරියේ වූ විකල්ප වුණා.
ශ්‍රී ලංකාව තනතීරුවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට තීරණය කළා.
එනමුත් එම තීරණය වැරදුණා.

එයට ප්‍රධානම හේතුවක් වූයේ ශ්‍රී ලංකාව පිතිකරුවෙකු අඩුවෙන් ක්‍රීඩා කිරීමයි.
මේ මෑතක දී එක්දින තරගයක ශ්‍රී ලංකාව පන්දුවාර පනහට පෙර, සියලූම දෙනා දැවී ගොස් ඉනිම අවසන් කළ පළමු අවස්තාව නොවෙයි.
නොම්මර හත පිතිකරුවා ලෙසට වනිඳු හසරංග යොදා ගැනීමේ උපක්‍රමය අසාර්ථක වීම එයට හේතු වුණා.
T20 තරග වල එය සාර්ථක විය හැකි වූවත්, එක්දින ආකෘතියේ දී ලොව සෙසු සෑම කණ්ඩායමකම නොම්මර හත ක්‍රීඩකයා ඉතා හොඳින් පිත්ත හැසිරවිය හැකි ක්‍රීඩකයෙක්.

බොහෝ දුරට වනිදු පහරක් එල්ල කළ හැකි විශේෂඥ පන්දු යවන්නෙක්.
ඔහුට එක්දින කණ්ඩායමේ නොම්මර හත ස්ථානය බර වැඩියි.
කඩුලු පහක් දැවී ගිය සැණින් ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් පිටියට පැමිණීම, බංග්ලාදේශයට බොහෝ පහසු වෙන්නට ඇති.
අනෙක් අතට 6 – 5 ආකෘතියේ දී බලාපොරොත්තු වූ විශේෂ වාසියත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නොහැකි වුණා.
පස්වෙනි පන්දු යවන්නා ආබාධයකට ලක් වීම නිසා, ජනිත් ලියනගේ යොදා ගැනීමට නායකයාට සිදු වුණා.
අවසානයේ විශේෂඥ පන්දු යවන්නන් පස්දෙනෙකු ක්‍රීඩා කළත් බංග්ලාදේශය පහසුවෙන් ලකුණු 250 හඹා ගියා.

ඒ සඳහා රාත්‍රියේ පැමිණි පින්නත් හේතුවක්.
එමෙන්ම තරගයේ විශේෂ අවදානයට ලක් විය යුතු තැනක් තිබුණා.

විටෙක ශ්‍රී ලංකාව කඩුලු පහකට ලකුණු 221ක් ලබා හිටියා.
නමුත් ඔවුන් ලකුණු 255 තුල සියලූම දෙනා දැවී ගියා.
බංග්ලාදේශ මුල් කඩුලු තුන ලකුණු 23ක් තුල බිඳ වැටුණා.
නමුත් ඔවුන් කඩුලු හයකින්, පන්දුවාර 45කින් තරගය ජය ගත්තා.
පන්දුවාර 40ක් අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු පහකට ලකුණු 220 යි.
පන්දුවාර 40ක් අවසානයේ බංගලාදේශය කඩුලු හතරකට ලකුණු 232 යි.
එහි තිබුණේ කඩුල්ලක සහ ලකුණු 12ක වෙනසක් පමණයි.

ශ්‍රී ලංකාව T20 ආකෘතියේ යම් වර්ධනයක් පෙන්වූවත්, තවමත් ඔවුන් එක්දින ක්‍රීඩාව නිවැරදිව ග්‍රහණය කර ගෙන නොමැති බවට එය සාක්ෂියක්.
මෑතක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් නොවන ‘පෙරහැර කඩුලු බිඳ වැටීම’ වලක්වා ගැනීමට තවම අපොහොසත් වීමෙන්ම එය පැහැදිලි වෙනවා.
ඇතැම් විටෙක දෙවන තරගයේ දී නොම්මර හත ස්ථානයට වඩා හොඳ පිතිකරුවෙකු ක්‍රීඩා කරවීමත්, කාසියේ වාසිය පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් සමග පිටියට පැමිණීමත්, අද තරගයෙන් ශ්‍රී ලංකාවට උගත හැකි පාඩමයි.

ඉරේෂාන් සිරිවර්ධන

    2024. 03. 13

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...