IIHS විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිත Bachelor of Business Administration උපාධිය අරඹයි !

Share post:

දීර්ඝ කාලයක් පුරා මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය Bachelor of Business Administration (BBA) උපාධිය හඳුන්වා දෙයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියද සහිත මෙම පාඨමාලාව හරහා සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක සුවිශේෂ විශේෂඥ බවද අත්විඳිමින් ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍රයේ සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට මඟ පාදයි. පර්යේෂණ සහ සීමාවාසික පුහුණුව සඳහා ඉහළ අවධානයක් යොමු කරන Credits 120ක් සහිත පුළුල් විෂය නිර්දේශයකින් සමන්විත මෙම පාඨමාලාව හරහා ව්‍යාපාර ලෝකයේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද සිසුන්ට සැපයීමට IIHS ආයතනය කටයුතු කරයි. මෙවැනි විවිධත්වයකින් යුතු අධ්‍යාපන පාඨමාලා හඳුන්වා දීම හරහා එකිනෙකට වෙනස් අංශ වෙත  පිවිසීම සඳහා අවශ්‍ය දැනුමෙන් සහ නිපුණතාවලින් පිරිපුන් සිසු පිරිසක් නිර්මාණය කිරීම IIHS ආයතනයේ අපේක්ෂාව වේ.

මෙම පාඨමාලාව විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔහු සතු පුළුල් දැනුම සහ පළපුරුද්ද සමඟ සාරධර්ම, සාමාජීය වගකීම සහ නව්‍යකරණය යන අංශ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මෙම පාඨමාලාව සාර්ථකව පැවැත්වෙනු ඇතැයි IIHS ආයතනය සඳහන් කළේය.

“විවිධ ක්ෂේත්‍ර සඳහා නිපුණත්වයක් දක්වන පුද්ගලයෙක් සමාජයට දායාද කිරීම ඉතා වැදගත් වෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ මෙම වැඩසටහන හඳුන්වා දීම තුළින් බොහෝ දෙනෙක්ට ව්‍යාපාර ලෝකයට පිවිසෙන්න අවස්ථාව උදා කරන්න අපට පුළුවන්. පළපුරුද්ද සහිත වෘත්තිකයන්ගේ සහායද ඇතුව සිසුන්ට සීමාවාසික පුහුණුව, උපදේශනය සහ ප්‍රයෝගික ඉගෙනුම් අවස්ථා සළසා දීමටත් අප කටයුතු කරනවා.”

එදිරිසිංහ මහතා පැවසීය. මෙම උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම මේ දිනවල සිදු වන අතර IIHS ආයතනයේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ එහි බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුව අමතා අවශ්‍ය තොරතුරු ගැනීමට සිසුන්ට හැකිය. සීමා සහිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් පාඨමාලා හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් ඉක්මනින් ලියාපදිංචි වීම වඩාත් සුදුසු වේ.

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...