තීරණාත්මක ඇෆ්ගන් – ශ්‍රී ලංකා තරගය අද

Share post:

අද තරගයට බොහෝ දුරට දිනේෂ් චන්දිමාල් එක්වනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය සඳහා ඉතා හොඳ මානසික මට්ටමකින් පසුවන බවත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි.

ඔහු ඒ බව පවසා සිටියේ තරගාවලියට ප්‍රථම පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

දෙරට අතර මෙම එක්දින තරග තුන පැවැත්වෙන් අයි සී සි සුපර් ලීග් තරගාවලිය යටතේය.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග පැවත්වෙන මෙම තරග තුනම අනිවාර්යයෙන් ජයගත යුතු වෙයි.

මෙම එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (24) නිවේදනය කළේය.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එම සංචිතයට දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ලක්ෂාන් කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මේ දක්වා එක්දින තරග 4ක් පවත්වා ඇති අතර ඉන් තරග 3ක් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්වුණි.

තරග තුනකින් සමන්විත තරගාවලිය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතව ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...