මැතිවරණ වසරක් : රජයේ වියදම් සීමාකිරීමට තවත් චක්‍රලේඛයක් !

Share post:

2024 වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ හේතුවෙන් වියදම් පිළිබඳ රජයේ මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරන ලෙසත්, අමතර වියදම්වල යෙදීමෙන් වළකින ලෙසත් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට,දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ආණ්ඩුව අවවාද කර තිබේ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහිදී මැතිවරණ ඉලක්ක කරමින් කෙරෙන අමතර වියදම් සඳහා නිලධාරීන්ට බලපෑම් එල්ල වන බව භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද පූර්ව නියෝග සහ මාර්ගෝපදේශ ද චක්‍රලේඛයට ඇතුළත් කර ඇත.

ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කරන මුදල් විවිධ භාණ්ඩ හා උපකරණ බෙදා හැරීමට හෝ තෝරාගත් පුද්ගලයන් සඳහා මූල්‍ය ආධාර හා ණය ලබා නොදෙන ලෙස භාණ්ඩාගාරය නියෝග කර ඇත.

අඛණ්ඩව කරගෙන යා හැක්කේ අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව සකස් කරන ලද වැඩසටහන් පමණි.

ගමන් වියදම්, සේවා වියදම්, වාහන නඩත්තුව, දේශීය පුහුණුව, විදේශ සංචාර, ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි කුලිය, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ අත්තිකාරම් ගෙවීම් ආදිය සම්බන්ධයෙන් ද චක්‍රලේඛයේ සඳහන් වේ.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...