මැතිවරණ වසරක් : රජයේ වියදම් සීමාකිරීමට තවත් චක්‍රලේඛයක් !

Share post:

2024 වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ හේතුවෙන් වියදම් පිළිබඳ රජයේ මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරන ලෙසත්, අමතර වියදම්වල යෙදීමෙන් වළකින ලෙසත් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට,දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ආණ්ඩුව අවවාද කර තිබේ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහිදී මැතිවරණ ඉලක්ක කරමින් කෙරෙන අමතර වියදම් සඳහා නිලධාරීන්ට බලපෑම් එල්ල වන බව භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද පූර්ව නියෝග සහ මාර්ගෝපදේශ ද චක්‍රලේඛයට ඇතුළත් කර ඇත.

ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කරන මුදල් විවිධ භාණ්ඩ හා උපකරණ බෙදා හැරීමට හෝ තෝරාගත් පුද්ගලයන් සඳහා මූල්‍ය ආධාර හා ණය ලබා නොදෙන ලෙස භාණ්ඩාගාරය නියෝග කර ඇත.

අඛණ්ඩව කරගෙන යා හැක්කේ අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව සකස් කරන ලද වැඩසටහන් පමණි.

ගමන් වියදම්, සේවා වියදම්, වාහන නඩත්තුව, දේශීය පුහුණුව, විදේශ සංචාර, ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි කුලිය, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ අත්තිකාරම් ගෙවීම් ආදිය සම්බන්ධයෙන් ද චක්‍රලේඛයේ සඳහන් වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...