ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමේදී මාධ්‍යවේදීන් 11ක් මියගිහින් – මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව

Share post:

ඊශ්‍රායලය හා පලස්තීනය අතර සිදු වන ගැටුම් අතරතුර මාධ්‍යවේදීන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව තහවුරු කර තිබේ.

මෙම මාධ්‍යවේදීන් අතර පලස්තීන ජාතිකයන් 09 දෙනෙකු, එක් ලෙබනන් ජාතිකයෙකු සහ එක් ඊශ්‍රායල ජාතිකයෙකු සිට ඇති බව ද එම කමිටුව සඳහන් කරයි. මේ අතර අවම වශයෙන් එක් ඊශ්‍රායල මාධ්‍යවේදියෙකු අතුරුදන් වී ඇති අතර, තවත් මාධ්‍යවේදීන් රැසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව විසින් මේ වනවිටත් ගාසා තීරයේදී හෝ ඒ ආසන්නයේදී ඝාතනයට ලක්වූ, තුවාල ලැබූ සහ අතුරුදන් වූ මාධ්‍යවේදීන් පිළිබඳව තොරතුරු විමර්ශනය කරමින් සිටී.

එම කමිටුව සඳහන් කරන්නේ ඊයේ (13) ලෙබනනයේ ෂෙල් ප්‍රහාර අතරතුර රොයිටර් පුවත් සේවයට අයත්  කැමරා ශිල්පියෙකු මිය ගිය අතර, අවම වශයෙන් තවත් මාධ්‍යවේදීන් හය දෙනෙකු තුවාල ලැබූ බවයි.

ගාසා තීරයේ සිටින මාධ්‍යවේදීන් තොරතුරු වාර්තා කිරීමට උත්සාහ කරන අතර ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආරක්ෂා කිරීමේ සටනක ද නියැළෙන බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ මැද පෙරදිග සම්බන්ධීකාරක ෂෙරීෆ් මන්සූර් පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ යුද තත්ත්වය හේතුවෙන් මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ නිවාස සහ කාර්යාල ද අහිමි වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලිය සහ අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි එකම ස්ථානය වන රෝහල්වල සිට සේවය කිරීමට ඔවුන්ට සිදුව ඇති බවයි.  

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...