ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමේදී මාධ්‍යවේදීන් 11ක් මියගිහින් – මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව

Share post:

ඊශ්‍රායලය හා පලස්තීනය අතර සිදු වන ගැටුම් අතරතුර මාධ්‍යවේදීන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව තහවුරු කර තිබේ.

මෙම මාධ්‍යවේදීන් අතර පලස්තීන ජාතිකයන් 09 දෙනෙකු, එක් ලෙබනන් ජාතිකයෙකු සහ එක් ඊශ්‍රායල ජාතිකයෙකු සිට ඇති බව ද එම කමිටුව සඳහන් කරයි. මේ අතර අවම වශයෙන් එක් ඊශ්‍රායල මාධ්‍යවේදියෙකු අතුරුදන් වී ඇති අතර, තවත් මාධ්‍යවේදීන් රැසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව විසින් මේ වනවිටත් ගාසා තීරයේදී හෝ ඒ ආසන්නයේදී ඝාතනයට ලක්වූ, තුවාල ලැබූ සහ අතුරුදන් වූ මාධ්‍යවේදීන් පිළිබඳව තොරතුරු විමර්ශනය කරමින් සිටී.

එම කමිටුව සඳහන් කරන්නේ ඊයේ (13) ලෙබනනයේ ෂෙල් ප්‍රහාර අතරතුර රොයිටර් පුවත් සේවයට අයත්  කැමරා ශිල්පියෙකු මිය ගිය අතර, අවම වශයෙන් තවත් මාධ්‍යවේදීන් හය දෙනෙකු තුවාල ලැබූ බවයි.

ගාසා තීරයේ සිටින මාධ්‍යවේදීන් තොරතුරු වාර්තා කිරීමට උත්සාහ කරන අතර ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආරක්ෂා කිරීමේ සටනක ද නියැළෙන බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ මැද පෙරදිග සම්බන්ධීකාරක ෂෙරීෆ් මන්සූර් පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ යුද තත්ත්වය හේතුවෙන් මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ නිවාස සහ කාර්යාල ද අහිමි වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලිය සහ අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි එකම ස්ථානය වන රෝහල්වල සිට සේවය කිරීමට ඔවුන්ට සිදුව ඇති බවයි.  

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...