දුනිත්ගේ මහන්සිය අපතේ යයි : ඉන්දියාව අවසන් මහා තරගයට

Share post:

ආසියානු ක්‍රිකට්  තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව  අතර ඊයේ (13) පැවති සුපිරි 4 වටයේ තරගයෙන් ලකුණු 41ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත්විණි.

එම ජයග්‍රහණයත් සමග ඉන්දියාව මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ඊයේ පැවැති තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තිරණය කළේය. පන්දුවාර 49.1 කදී ඉන්දියාව සියළුම ක්‍රීඩකයින් දැවී ලකුණු 213 ක් රැස් කළේය.  එහිදී තවමත් 20 හැවිරිදි වියෙහි පසුවන දුනිත් වෙල්ලාලගේ ලකුණු 40 කදී කඩුලු 5ක් දවා ගත් අතර චරිත් අසලංක කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවූයේ පන්දුවාර 41.3කදී ලකුණු 172ක් පමණි. ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න (02) සහ පැතුම් නිස්සංක (06) දැවී ගිය අතර ධනංජය ද සිල්වා ,ලකුණු 41  සහ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 40 රැස් කළේය. 

මෙම තරගයට පෙර ශ්‍රී ලංකාව පිට පිට එක්දින තරග 13 ක් ජයග්‍රහණය කරමින් තැබූ වාර්තාව ඉදිරියට රැගෙන යාමට  ඉන්දියානු ක්‍රීඩකයින් ඉඩ ලබා නොදුන් අතර ශ්‍රී ලංකාව ඉදිරියේ ප්‍රතිවාදී පිතිකරුවන් සියලු දෙනා දැවී ගිය අඛණ්ඩ 14 වැනි එක්දින  තරගය ඉන්දියාවට එරෙහි තරගය විය. 

කෙසේවෙතත් හෙට (14) පාකිස්තානය හා ශ්‍රී ලංකාව ඉතා තීරණාත්මක තරගයක් පැවැත්වීමට නියමිත අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළැඹෙන 17 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

පසුගිය 10 සහ 11 වැනි දිනදෙක තුළ පැවැති ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයෙන් පකිස්තානය ලැබූ ලකුණු 228 අන්ත පරාජයත් සමග දළ ලකුණු ලබා ගැනීමේ වේගය ඉතා පහල මට්ටමක පවතී.

ඒ හේතුවෙන්  ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට වර්ෂාවෙන් බාධා සිදුවුවහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

Related articles

කොත්මලේ ලිවිසැරිය

පුවත්පත් කලාවේදියා දිගේලි කරන ලද ගවයෙකු වැනි යයි අප රටෙහි සිටී අදීනම පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකුද වූ දයාසේන...

‘මද සිනා නගන විල් දිය’ – රුවන්මලී දීපිකා කොඩිකාර

හෙමි හෙමිහිට පිය තබා යන හඬක්. සියුම්ව දැනෙනා විඳුමක්. ඉවසිලිවන්ත, නිරීක්ෂිකාවකගේ වදන් එකතුවක්. රුවන්මලීගේ කවි කියවූ පළමු මොහොතේදීම...

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...