වින්දිතයන්ට වන්දි දෙනවා – ඇමති : සමාගමෙන් කිසිදු විමසීමක් කර නෑ – අමාත්‍යංශය : ඖෂධ ගැටළුව නිසා 35 හැවිරිදි දෙදරු මවක් මියයයි !

Share post:

කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍යකර්මයක් කළ 35 හැවිරිදි දෙදරු මවක ශල්‍යකර්මයෙන් පසු සිහිය නොලබාම මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
thetime.lk කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ, බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි.
මියගිය කාන්තාව මීට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර, ශල්‍යකර්මය කළ ඇසේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ඇය යළිත් පසුගිය 04දා අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හමුවී ඇත.
එහිදී වෛද්‍යවරුන්ගේ නියමයකට අනුව යළිත් එම ඇසේ ශල්‍යකර්මයක් කිරීමට එදින ම රෝහලට ඇතුළත් වී ඇත. ඒ අනුව පසුගිය 05දා එම ශල්‍යකර්මය සිදු කර තිබේ. එසේ ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසු ඇය සිහි නොලබා ම මියගොස් ඇතැයි පවුලේ ඥාතීහු පවසති.

නිර්වින්දන ඖෂධයේ ගැටළුවක්?

ශල්‍යකර්මය කිරීම සඳහා ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධයේ ගැටළුවක් නිසා මෙම මරණය සිදුවන්නට ඇතැයි පවුලේ ඥාතීහු සැක කරති.

බරපතළ සැකයක් ?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ ද අදාළ ඖෂධය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.

සම්පූර්ණ අන්ධභාවයට !

මේ අතර මීට පෙර නුවරඑළිය මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසා තිබුණේ අක්ෂි සැත්කම්වලට ලක්වූ රෝගීන් 10 දෙනෙකු පමණ සම්පූර්ණයෙන් ම අන්ධභාවයට පත්ව ඇති බවයි.

ඊට හේතුව ඇසට දැමූ බෙහෙතක විෂබීජ තිබීම බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී හෙළිවූයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධයක් හේතුවෙන් බරපතළ ගැටළු රැසක් මතුවී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණේ මෙම ඖෂධය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි.

විමර්ශන ?

එහෙත් අප කළ සොයාබැලීමේදී හෙළි වූයේ එවැනි විමර්ශනයක් ආරම්භ කරන බව සඳහන් කර ඇතත්, අදාළ ඖෂධය ගෙන්වූ සමාගමෙන් ප්‍රකාශයක් හෝ ලිඛිත කරුණු විමසීමක් හෝ කිරීමට අමාත්‍යංශය මෙතෙක් කටයුතු කර නැති බවයි. මේ සම්බන්ධයෙන් විමසීමට වගකිවයුතු පාර්ශ්වයක් සම්බන්ධ කර ගැනීමට thetime.lk අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

වන්දි දෙනවා !

කොළඹ ජාතික අක්ෂි රෝහලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ සිදු කළ අක්ෂි සැත්කම් සහ භාවිත කළ අක්ෂි ඖෂධ සම්බන්ධයෙන් මතු වූ බරපතළ ගැටළු සම්බන්ධයෙන්, ඊට ගොදුරු වූ වින්දිතයන්ට වන්දි ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

එක් ඖෂධයක තිබූ ගැටළුවක් හේතුවෙන් මෙම ප්‍රශ්න මතුවී ඇති බවත්, එම ඖෂධය ගෙන්වූ සමාගම අසාදු ලේඛනගත කර ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...