මිතුරා ඇසූ පැනයට නම් එකපාර, ආවේ මතකයට නානායක්කාර

Share post:

සවනට ඇහෙන දුරකින් වෙරළක සද්දේ
මිතුරන් සිව්දෙනෙක් හා හිදගෙන මැද්දේ
ඉන්න අතුරතුර මධු මී බිඳු යුද්දේ
ආගිය කතා ඒ මැද අපි ගොඩ ඇද්දේ

වික්‍රම බෝගොඩත් සමගින් බීපු මම
සිද්ධිය ඇදී ආවා කයියෙහිදි එම
ගොළු හදවතට පෙම් කළ යහළුවන් හැම
පෑවා කතාවට දෙසවන් තදින් තම

වාගේ බීර විතකින් විසිරෙනා පෙණ
ඒ මධු අන්දරය අහලා වයින් වුණ
⁣එකපාරටම වගෙ මිතුරෙක් පෙරට පැන
දැම්මා ප්‍රශ්නයක් මම ඇඹරිලා යන

කරමින් යමක් යහමින් කයියකුත් ගසා
ඔහුගෙන් අතීතයෙ රස තොරතුරුත් අසා
හමුවී නැතත් හමුවුණි නම් ලැබෙන තොසා
නළුවා කවුද කියමුද නොකියමින් මුසා

වීරයො වගෙම විකටයො සහ ප්‍රතිවීර
හිටියත් නළුවො එකසිය ගාණට මාර
මිතුරා ඇසූ පැනයට නම් එකපාර
ආවේ මතකයට නානායක්කාර

ඇති සැටියෙන්ම ඇති තතු සමයෙහි පෙරකී
දැනගන්නට රහට ඇරගත යුතු දොරකී
සමහර කතා ඇහුවම නම් යයි කැරකී
මේ ආතල් එකේ කරටියෙ හිටි පොරකී

හමුවුණු නොවුණු නළුවන් නම් ඇත බොහොම
එක් එක්කෙනා ගැන පවසන්නද කොහොම
ඒ අය ගැන දුරට තව ලිව්වොත් එහෙම
එය මහ පොතක් වෙනවා නිසැකයි රහම

හමුවී වරක් කොස්තා රිට්ස් එක ඇතුලේ
අඩියක ගැටී ඉද්දී කයියක පතුලේ
ආගිය කතා මිනිහා හෙමිහිට මතුලේ
ඒවා අහන් හිටි මගෙ නිල් විය රතු ලේ

නළුවොයි කියා නම් මහ ලබ්බක් නැත්තේ
එනමුත් පෙළක් උන් සෑහෙන සිත් ගත්තේ
උන්ගේ ළග ඉතා රසවත් තතු ඇත්තේ
හාරා අවුස්සා ඒව ගත යුත්තේ

තම කාරියෙහිදී අල්ලා නිසි විරිත
ඉන් මෙපිටදි ඉතිං ආනන්දෙන් බරිත
ඔබගෙත් හිතේ ඇත්නම් මේ වැනී චරිත
ලියලා යනු යටින් ඒකයි හොද සිරිත

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...