මහින්දගේ බාල පුතාගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඩොලර් 400ක් හොරකම් කරලා : නැතිවූ බවට රෝහිතගෙන් පැමිණිල්ලක් !

Share post:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඇමෙරිකානු ඩොලර් 400කට ආසන්න මුදලක් (රුපියල් 130,000කට ආසන්න වටිනාකමක්) වංචනික ලෙස සොරාගෙන ඇති බවට පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත කරුණු වාර්තා කර තිබේ.

අන්තර්ජාල ගනුදෙනුවක් හරහා මෙම වංචනික ක්‍රියාව සිදුවී ඇති බව ද පොලිසිය සඳහන් කර ඇත. රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඇමෙරිකානු ඩොලර් 387ක අන්තර්ජාල ගනුදෙනු 04ක් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කර ඇතැයි හෙළිදරව් වී තිබේ.

මාතර නිවසකට යමින් සිටි අවස්ථාවේ තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත නැති වූ බවට රෝහිත රාජපක්ෂ විසින් පසුගිය 03දා නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර ඇත. අදාළ බැංකු ගිණුම් වාර්තා නිකුත් කරන ලෙස කාඩ්පත අයත් පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාල කළමනාකරුට නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ දිනවල ඩොලර් භාවිතය සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇති වී තිබෙන අතර, එවැනි ම සංවාදයක් මහින්ද රාජපක්ෂ පවුලට අයත් වත්කම් සම්බන්ධයෙන් ද ඇති වී තිබේ. ඔවුන් එම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නිවැරදි දත්ත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මෙම සංවාදය චෝදනාවක් බවට පත්වීමට හේතු වී තිබේ.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...