ඒකාධිපති හුන් සෙන්ගෙන් විපක්ෂ නායක කෙම්ට රාජ්‍ය ද්‍රෝහී චෝදනාවක් : වසර 27ක් නිවාස අඩස්සියට !

Share post:

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ.

අගමැති හුන් සෙන්ගේ රජය පෙරලා දැමීම සඳහා විදේශ බලවේග සමඟ කුමන්ත්‍රණය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

විදෙස් වාර්තා වල සඳහන් ආකාරයට වසර තුනක් පුරා පැවැති නඩු විභාගකින් අනතුරුව මෙම දඬුවම නියම කර ඇත.

එමෙන්ම කෙම් සෝඛා හට මැතිවරණ සඳහා පෙනී සිටීමට මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම ද තහනම් කර තිබේ.

මීට පෙර ඔහු නියෝජනය කළ කාම්බෝජ ජාතික මුදා ගැනීමේ පක්ෂය තහනම් කිරීමට ද එරට රජය පියවර ගත්තේ ය.

69 හැවිරිදි කෙම් සෝඛා 2017 දී ප්‍රථම වරට අත්අඩංගුවට ගනු ලැබුවේ, වීඩියෝ පටයක් පදනම් කරගෙනය.

කෙසේවෙතත් කෙම් සහ ඔහුගේ නීතිඥයින් සිදුකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුට එරෙහි නඩුව පදනම් විරහිත බවද පවසා ඇත.

කාම්බෝජයේ එක්සත් ජනපද තානාපති පැට්‍රික් මර්ෆි සිකුරාදා කියා සිටියේ මෙම නඩුව යුක්තිය පැහැර හැරීමක් බවයි.

එමෙන්ම කෙම් සොඛා ගේ නීතිඥවරුන් පැවසුවේ අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද පවසා ඇත.

අගමැති හුන් සෙන් යනු 1985 වසරේ සිට ලෝකයේ දීර්ඝතම කාලයක් බලයේ රැඳී සිටින ඒකාධිපතියෙත් ලෙස ප්‍රකටය.

ඔහු එළැඹෙන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා තරග කරනු ඇතැයි පැවසුනද එරට දේශපාලන මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ඔහුගේ වැඩිමහල් පුත් හුන් මැනට් වෙත බලය පැවරීමට ඔහු සැලසුම් කර ඇති බවද පැවසේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...