මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලගේ ‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය 28දා BMICHහිදී එළිදකී !

Share post:

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත නවතම කෘතිය වන ‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය එළිදැක්වීම සහ සහෘද කතිකාව 2025 සැප්තැම්බර් 28 වැනි දින සවස 3ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිනෙමා ලොන්ග් හිදී පැවැත්වෙයි.

මෑත ඉතිහාසයේ ආන්දෝලනයට තුඩු දුන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු සංසිද්ධි රැසක් පාදක කරගනිමින් රචිත මෙම කෘතිය හා නීතිය ඉදිරියේ ඇති අභියෝගාත්මක ගැටලු ගැන ප්‍රමුඛ දෙසුම් සහ වින්දිත පාර්ශ්ව නියෝජනය කරමින් බොහෝ පිරිසක් මෙහිදී කෙටි අදහස් දැක්වීම් සිදුකරනු ඇත.

කතුවරයා විසින් රචිත වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය පිළිබඳ කෘතියත්, විනිර්මුක්තිය කෘතියත් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් විය. රාවය පුවත්පතෙන් මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ ලේඛකයා, ඉරුදින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන්ද, රැස පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය සයුර ප්‍රකාශනයක් වන අතර, එහි පිටකවරය නිර්මාණය කර ඇත්තේ මොල සෙනෙවිරත්න විසිනි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...