නවක වදය අවසන් කරන්න නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

Share post:

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් දයානන්ද මුහුණ දුන් ඛේදජනක නවක වදය සහ ඉන් අනතුරුව සිදුවූ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන හරහා SC/FR/101/2025 අංක දරන මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, විශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීම අරමුණු කරගනිමිනි.

2025 අප්‍රේල් 26 වන දින චරිත් දිල්ෂාන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අඛණ්ඩ සහ ම්ලේච්ඡ නවක වදයට ලක් කරන ලද බවත්, එය ඔහුව අවමානයට ලක් කළ කම්පා සහගත සිදුවීමක් වූ බවත්, ඉන්පසුව ඔහු සියදිවි නසා ගැනීමෙන් මිය ගිය බවත් පෙත්සමේ සඳහන් වේ.

පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ බලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, පොලීසිය සහ අනෙකුත් අය නවක වදයට එරෙහි නීති ක්‍රියාත්මක කිරීමට සහ සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම, මෙම ඛේදවාචකයට හේතු වූ බවයි.

පෙත්සම මඟින් පද්ධතිමය සහ ආයතනික අසාර්ථකත්වයන් ඉස්මතු කර දක්වන අතර, අපයෝජනයන් දිගින් දිගටම සවිබල ගැන්වෙන ආකාරයේ සංස්කෘතියක් ගොඩනැගී ඇති බව ඉස්මතු කර තිබේ.

නවක වදය පැමිණවීම මගින් නීතිය ඉදිරියේ සමානව සැලකීම සහ වධහිංසනයට හෝ කෲර, අමානුෂික සැලකිල්ලකට භාජනය නොවීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 11 වගන්ති යටතේ ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද පෙත්සම මඟින අවධාරණය කර ඇති කරුණකි.

පෙත්සම්කරුවන් චරිත් දිල්ෂාන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින අතර, දිගු කලක් තිස්සේ ප්‍රමාද වී ඇති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක්ද ඉල්ලා සිටී.

වගකිවයුතු නිලධාරීන් සහ ආයතන වගවීමට සැලැස්වීම, නවක වද විරෝධී නීති සහ විශ්වවිද්‍යාල රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, සිසුන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත මාර්ගෝපදේශ නියම කිරීම, සෑම සිසුවෙකුටම ගෞරවයෙන් හා ආරක්ෂිතව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සලසාදීම යන කරුණු ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මූලික වශයෙන් අපේක්ෂා කරයි.

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...