IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි !

Share post:

මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රමිති නව මානයකට රැගෙන යාමේ අරමුණෙන් International Institute of Health Sciences (IIHS) විසින් දන්ත චිකිත්සාව සහ මුඛ සෞඛ්‍යය පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ තුළින් මුඛ සෞඛ්‍යය පිළිබඳ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන දැනුමක් දන්ත වෛද්‍ය වෘත්තිකයන්ට සැපයීමට අපේක්ෂා කෙරේ.

ශරීර සෞඛ්‍යය සැළකීමේදී වැදගත්ම කොටසක් ලෙස මුඛ සෞඛ්‍යය හැඳින්විය හැකිය. මෙම පාඨමාලාව හඳුන්වා දීම තුළින් ජාතික සෞඛ්‍ය ප්‍රමුඛතා අනුව යමින් මුඛ සෞඛ්‍යය උසස් කිරීමට IIHS සතු කැපවීම පිළිබිඹු වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් සහ රජයේ පාසල් දන්ත චිකිත්සකවරුන්ගේ සංගමයේ සභාපති එම්. ප්‍රභාශිනී කමරදිවෙල ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ. මුඛ සෞඛ්‍යය ප්‍රමිති ඉහළ නැංවීමට ඇති අවශ්‍යතාව ඔවුහු පෙන්වා දුන්හ.

සෛද්ධාන්තික දැනුමෙන් හා ප්‍රායෝගික පුහුණුවෙන් සිසුන් සන්නද්ධ කරමින් විශාල පරාසයක විහිදුණු රැකියා සඳහා ප්‍රවේශ වීමට ඔවුන්ට ඉඩ සැළසීමේ අරමුණෙන් මෙම පාඨමාලාව හඳුන්වා දී ඇත. දන්ත රෝග වළක්වා ගැනීම, රෝගීන් කළමනාකරණය සහ ප්‍රජා සෞඛ්‍ය දායකත්වය වැනි වැදගත් විෂය සියල්ල ආවරණය වන ලෙස එහි විෂය නිර්දේශ සකසා ඇත. ඒ තුළින් නිපුණතාවලින් පරිපූර්ණ සහ දන්ත සෞඛ්‍යය පිළිබඳ වර්තමාන අභියෝගයන්ට මුහුණ දිය හැකි වෘත්තිකයන් බිහි කිරීමට අපේක්ෂා කරයි. පුද්ගල සහ මහජන සෞඛ්‍යය යන අංශ දෙකටම අදාළව ඉගැන්වීම් සිදු කරන වර්තමාන සුව සේවා ප්‍රතිපත්තිවලට අනුකූලව විශිෂ්ට සේවාවක් සැපයීමට අවශ්‍ය දැනුම මේ තුළින් ලැබෙනු ඇත.

මෙම උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන වෘත්තිකයන් මුඛ සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීම, රෝග වළක්වා ගැනීම පිළිබඳ මඟ පෙන්වන්නන් බවට පත් වනු ඇත. මෙම පාඨමාලාව දියත් කිරීමට සුව සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ආනන්ද ජයලාල් සහ ප්‍රභාශිනී කමරදිවෙල යන මහත්ම මහත්මීන්ගේ නොමඳ සහාය ලැබී ඇත.
මහජන සෞඛ්‍යයට අදාළ ප්‍රමිති ශක්තිමත් කිරීමට මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමේ වැදගත්කම මැනවින් හඳුනා ගෙන ඇති IIHS ආයතනයේ මෙම උපාධි පාඨමාලාව තුළින් සෞඛ්‍යය ක්ෂේත්‍රයට අදාළ පිරිවැය අවම කර වඩා යහපත් ජීවන තත්ත්වයක් තුළින් ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු ප්‍රජාවක් බිහි කිරීමට අපේක්ෂා කෙරේ.

“ශ්‍රී ලංකාව තුළ මුඛ සෞඛ්‍යය පිළිබඳව විප්ලවකාරී වෙනසක් ඇති කිරීම සඳහා වන අපගේ ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස මෙම උපාධි පාඨමාලාව හඳුන්වන්න පුළුවන්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ එකතු වී මෙවැනි පාඨමාලාවක් දියත් කිරීමට ලැබීම අපට විශාල සතුටක්. මෙම පාඨමාලාව සම්පූර්ණ කරන සියලු දෙනා අපේ රටේ මුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගමන් මඟ වෙනස් කරයි කියලා අපට විශ්වාසයි.”

IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

Related articles

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...

ස්ත්‍රී පැවැත්මකින් ‘ශ්‍රාවය වූ කතා’

මේ වසරේ ගොඩගැසුණු පොත් කන්ද ටිකින් කියව ගන්න උත්සහ කරද්දී ඒ පොත් කන්ද බරක් සේ නොව ආස්වාදයක් සේ...