IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි !

Share post:

මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රමිති නව මානයකට රැගෙන යාමේ අරමුණෙන් International Institute of Health Sciences (IIHS) විසින් දන්ත චිකිත්සාව සහ මුඛ සෞඛ්‍යය පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ තුළින් මුඛ සෞඛ්‍යය පිළිබඳ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන දැනුමක් දන්ත වෛද්‍ය වෘත්තිකයන්ට සැපයීමට අපේක්ෂා කෙරේ.

ශරීර සෞඛ්‍යය සැළකීමේදී වැදගත්ම කොටසක් ලෙස මුඛ සෞඛ්‍යය හැඳින්විය හැකිය. මෙම පාඨමාලාව හඳුන්වා දීම තුළින් ජාතික සෞඛ්‍ය ප්‍රමුඛතා අනුව යමින් මුඛ සෞඛ්‍යය උසස් කිරීමට IIHS සතු කැපවීම පිළිබිඹු වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් සහ රජයේ පාසල් දන්ත චිකිත්සකවරුන්ගේ සංගමයේ සභාපති එම්. ප්‍රභාශිනී කමරදිවෙල ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ. මුඛ සෞඛ්‍යය ප්‍රමිති ඉහළ නැංවීමට ඇති අවශ්‍යතාව ඔවුහු පෙන්වා දුන්හ.

සෛද්ධාන්තික දැනුමෙන් හා ප්‍රායෝගික පුහුණුවෙන් සිසුන් සන්නද්ධ කරමින් විශාල පරාසයක විහිදුණු රැකියා සඳහා ප්‍රවේශ වීමට ඔවුන්ට ඉඩ සැළසීමේ අරමුණෙන් මෙම පාඨමාලාව හඳුන්වා දී ඇත. දන්ත රෝග වළක්වා ගැනීම, රෝගීන් කළමනාකරණය සහ ප්‍රජා සෞඛ්‍ය දායකත්වය වැනි වැදගත් විෂය සියල්ල ආවරණය වන ලෙස එහි විෂය නිර්දේශ සකසා ඇත. ඒ තුළින් නිපුණතාවලින් පරිපූර්ණ සහ දන්ත සෞඛ්‍යය පිළිබඳ වර්තමාන අභියෝගයන්ට මුහුණ දිය හැකි වෘත්තිකයන් බිහි කිරීමට අපේක්ෂා කරයි. පුද්ගල සහ මහජන සෞඛ්‍යය යන අංශ දෙකටම අදාළව ඉගැන්වීම් සිදු කරන වර්තමාන සුව සේවා ප්‍රතිපත්තිවලට අනුකූලව විශිෂ්ට සේවාවක් සැපයීමට අවශ්‍ය දැනුම මේ තුළින් ලැබෙනු ඇත.

මෙම උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන වෘත්තිකයන් මුඛ සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීම, රෝග වළක්වා ගැනීම පිළිබඳ මඟ පෙන්වන්නන් බවට පත් වනු ඇත. මෙම පාඨමාලාව දියත් කිරීමට සුව සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ආනන්ද ජයලාල් සහ ප්‍රභාශිනී කමරදිවෙල යන මහත්ම මහත්මීන්ගේ නොමඳ සහාය ලැබී ඇත.
මහජන සෞඛ්‍යයට අදාළ ප්‍රමිති ශක්තිමත් කිරීමට මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමේ වැදගත්කම මැනවින් හඳුනා ගෙන ඇති IIHS ආයතනයේ මෙම උපාධි පාඨමාලාව තුළින් සෞඛ්‍යය ක්ෂේත්‍රයට අදාළ පිරිවැය අවම කර වඩා යහපත් ජීවන තත්ත්වයක් තුළින් ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු ප්‍රජාවක් බිහි කිරීමට අපේක්ෂා කෙරේ.

“ශ්‍රී ලංකාව තුළ මුඛ සෞඛ්‍යය පිළිබඳව විප්ලවකාරී වෙනසක් ඇති කිරීම සඳහා වන අපගේ ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස මෙම උපාධි පාඨමාලාව හඳුන්වන්න පුළුවන්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ එකතු වී මෙවැනි පාඨමාලාවක් දියත් කිරීමට ලැබීම අපට විශාල සතුටක්. මෙම පාඨමාලාව සම්පූර්ණ කරන සියලු දෙනා අපේ රටේ මුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගමන් මඟ වෙනස් කරයි කියලා අපට විශ්වාසයි.”

IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...