ජනතාවගේ ඉල්ලීම් ඉටුකරන්න රජය අසමත් : පාස්කු විමර්ශන ඉබි ගමනේ – ජිනීවාහිදී ශ්‍රී ලංකාවට දැඩි විවේචනයක් !

Share post:

වසර 02කට පෙර පැවති මහජන විරෝධතා මගින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටියත්, මේ ඉල්ලීම් ඉටුකිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර නැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ඊයේ (09) අවධාරණය කළේය.

2021 සහ 2023 අතර කාලයේ දරිද්‍රතා අනුපාතය දෙගුණයක් වී ඇතැයි පැවසූ මහ කොමසාරිස්වරයා, මේ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය අවිනිශ්චිත බව ද පෙන්වා දුන්නේය. ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ බලශක්තිය වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා අතරින් එකක් හෝ කිහිපයක් පමණක් තෝරාගැනීමට බොහෝ පවුල්වලට සිදු වී ඇතැයි ද ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මේ බව සඳහන් කළේ ඊයේ (09) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේ ආරම්භක දිනයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සමග වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය සහතික කිරීමට කැපවන ලෙස ද ටර්ක් ශ්‍රී ලංකා රජයෙන් මෙහිදී ඉල්ලා සිටියේය. ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වින්දිතයන් සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට නිරන්තරයෙන් සිදු වන හිරිහැර කිරීම්, සෝදිසි කිරීම් සහ බියගැන්වීම් පිළිබඳ වාර්තා පිළිගත නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

2019 අප්‍රේල් 21දා සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ අපරාධ විමර්ශන කටයුතුවල පවතින්නේ සීමිත ප්‍රගතියක් බව ද මහ කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related articles

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...

ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන කතා කල හැකි, කතා කල යුතු මාතෘකා බොහොමයි

මේ දවස්වල අනෙක් වැඩ අතෑරලා ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන හදාරනවා. ඒ අපේ සංවිධානය, කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය,...

ඉරාන යුද්ධය සහ ලංකාවේ අභියෝගය !

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකළ මිලිටරි ප්‍රහාරය සමග මැද පෙරදිග ඇතිව තිබෙන...

ලේ සහ සලේ !

පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ නාලිකාවේ විකාශය වූ වීඩියෝවෙන් පසු ව කළ ⁣පැමිණිල්ලට අදාලව කරුණු වාර්තා කරමින් පවරන...